බම්බලපිටිය – තනුජා ලුම්බිණි

No Comment 246 Views

තුංග තුරු හිස් නොමැති ගාලුපාර කෙළවර
නිල් සේද සළු ඇදි නිවුන් සෝයුරියන් විලස
අහස මූදත් එක්ක රසැති රහසක් කොඳුරන
ආදරේ අත් පැටලෙනම තැනකි බම්බලපිටිය

එකා පසුපස එකා සෙමින් ඔරවාන සද්දෙන්
යනෙන රිය පෙරහැරත් රතුපාට ළඟදි සන්සුන්
ලුණු හුළං අහුරකට දුවන කෙහෙරැළි උස්සන්
හැඩැති යව්වනියන් දුවයි හවසට ගස්සන්

සුදුපාට පෙණ පිපෙන බීර වීදුරු මත්තට
හැගුම්පොදි දියකරන් මැජෙක්සිටියේ හවසට
දුවන පඩිපෙළ උඩදි මගහැරෙන අත හොයන ඇසකට
ආදරේ තතු කියන සුරපුරකි බම්බලපිටිය

සරස්වතියෙන් හමන උණුම උණු තෝසෙ රස සුවඳට
සීය එකසිය එකත් පහුකරන් ගාටමින් හවසට
ලෝකයම අමතකව පුළුල් උරහිසකට තුරුලුව
ඉන්න පෙම්වතුන් පිරි සුරපුරකි බම්බලපිටිය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)