නො හෙළන කඳුළ – තුෂාරි ප‍්‍රියංගිකා

No Comment 97 Views

සරාසඳ වසා ඇති වළාවක කවුළු ඇති

බිමට බර හදවතක රිදුම පිරිමදින්නැති
අඳුරුබර මීදුමක වුණත් උණුහුමක් ඇති
ඔබෙ නමත් පිනිබිඳක කොහේ හරි ලියා ඇති

පිපිරුණත් සුසුමකින් මඳහසක් තවර ගමි
හිම පියල්ලක බිඳුණු ජීවිතේ ඇහිඳ ගමි
නිම්තෙරක ඉවුරක ඇති තරන් ඇවිද යමි
ශිශිර නිද්‍රාවක වැතිර සංසාරෙ ඉසිඹුලමි

ඈත ඇති වස්සාන අහසකින් ඇද හැළෙන
සොමිසඳෙන් ආදරය පෙරා මධු පුරව ගමි
විල් දියේ දියව ගිය ඒ කඳුළ අතට ගෙන
නිමාවක් නැති කවිය ඔබෙ නමට අමුණ ගමි!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)