තවමත් දකිමි!! කිත්මා වාසනා දහනායක

No Comment 91 Views

නොඑන බව දැන දැනම
බලා උන් දවස් කොපමණද
ප්‍රේමයක් නොවුණාට
අපේ හිත් යා කළ….

මග තොටක පුලුටු ගඳ
දැනුණ හැම දවසක
නොබැලුවා නොවෙයි මම
සලකුණක් තිබුණාද නොවිසුණුව…

එදා ආ ගිය මගක
නුඹ නතර වූ වංගුවක
තවමත් දකිනවා මම
ඒ සොඳුරු සිනහව…

සමහරක් විට
නුඹ නොකියාම ගිය හෙයින්
වෙන්නැති
තවම මේ ලෙන්ගතුකම
හදවත පුරා ශේෂ ව…….

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)