දවසක හමුවෙමු! – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 403 Views

මා කොලොම්පුරයෙහි

සාප්පු යන අතරතුර 
ඔබ පොළොන්නරුවේ හිඳ
ගොවිතැන් බත් කරනු ඇත.
අත් ට්‍රැක්ටරයක් පදිමින්
දුකසේ කල් ගෙවනු ඇත.

පොහෝ දින පන්සල් යනවිට
ඔබ මීගමුවේ ඉඳන්
පල්ලියක දණ ගසනු ඇත.
නත්තලට ගවලෙන් තනනු ඇත.
නැතිනම් කුරානය කියනු ඇත.
එක්කෝ ශිව දෙවියන් පුදනු ඇත.

පවුල් පන්සල් වී ඉනික්බිති
දරු මල්ලන් රකින විට
ඔබ ඉස්කෝල මහතෙකු වී
දරුවන්ට ශිල්ප සදනු ඇත.
චක්කරේ පාඩම්ද අසනු ඇත.
එක්කෝ වින්කල් බාස් කෙනෙක්ව හිඳිනු ඇත.

ඔබට මා-මා ඔබට හමුවීම
ඉරණමේ හැටියට යෙදෙනු ඇත
තව බොහෝ කලකට පසුව
අහඹුවෙන් ඇස ගැසෙනු ඇත
දීර්ඝය වෙහෙසය පිපාසිතය ජීවිතය
එතෙක් පසුබිමේ හිඳිනු මැන .

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)