මකා දැමුවෙමි සියළු තරු කැට!! එම් .කේ .සී .පී .ශෂීන්

No Comment 365 Views

නිදහසේ වෙලාවක
ගොඩවැදී ඔබේ අහසට
මකා දැමුවෙමි
සියළු තරු කැට
මෙතෙක් මගෙ හදවතට
කටු ඇනපු ඒ තරු කැට

ආලෝක වර්ෂ කිහිපයකට
එහායින් වූ තරු කැට

ආසන්න ග්‍රහලෝක කිහිපය
එලවා දැමූවෙමි
දකුණු කුරුසියෙන් එපිටට

වල්ගාතරු ග්‍රහක කැබළි
පුළුස්සා දැමූවෙමි
ඇද දමා සූර්‍යයා මතුපිටට

දැන් බලන්න
කොච්චර පිළිවෙලද
ඔබෙ අහස !

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)