තබා යමි මේ කවිය නුබේ සවනත – ඩොමිනික් චන්ද්‍ර සාලි

No Comment 28 Views

ලියා අවසන් කළ කවියක

එළිවැට ලිහී යයි
ගල්කිස්ස සයුරු රළ මත

නික්ම යන කංසා දුම් වළලු අද්දර
දුෂ්කරයි වුනත් පා වෙලා යමි
ඉන්ද්‍රජාලික හීනයක් වගේ
ඈත අපරදිග අහසට

පාට සළු පිළි පිරුණු
සීත කළ පාට රෙදි සාප්පුවක් ළඟ
පාර මාරුවෙන තැන ඇන්ඳ
කහ ඉරි පවා මැකී ඇත

බීර පෙන පවා ගිනිගන්න සවසක
නොනවතින දුකදුළු වැසි හැලෙයි
කොල්ලුපිටියේ හංදියට,
වහා වෙඩි තබන්නට පෙර
හිස්ව ගිය සරත්කල රෑ අහසට
තබා යමි මේ කවිය
රෝස ඉඳුවර පෙති යට

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)