ලේඛකයකු වෙන්න නවකතාකරුවකු ම විය යුතු නැහැ – පැට්රික් මොඩියානෝ

No Comment 20 Views

ලේඛකයන් කියන්නේ තම දිවියේ කැපකිරීම් කරන අය. මං හිතන්නේ ලේඛකයෙක් වෙන්න බැහැ, එවැනි කැප කිරීමක් කරන්නේ නැතුව. කැපකිරීම් සමූහයක අවසානය තමයි සැබෑ ජයග්‍රහණය වෙන්නේ.
පැට්රික් මොඩියාෙනා්

වසර 2014 දී ‍සාහිත්‍යයට හිමිවෙන නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට පැට්රික් මොඩියානෝට හැකි වූයේ මතක ශක්තිය නංවා ගැනීමේ කලාව වෙනුවෙන් කළ විස්තරාත්මක සංග්‍රහයට ය. 1945 ජුලි 30 වෙනිදා පැරීසියේ උපත ලැබූ පැට්රික්ගේ පියා ව්‍යාපාරිකයෙකි. මව නිළියකි. කුඩා කාලයේ සිට ම පොතපත කියවීමෙන් ලත් දැනුම තම ජීවිතය වර්ධනය කරගැනීම කෙරෙහි ඔහුට බෙහෙවින් ම බලපෑවේය. කියවීමෙන් ලිවීමේ ශක්තිය වර්ධනය වෙන බව මොඩියානෝගේ ජීවිතයෙන් පසක් විය.

book-2

දැනුම හා භාෂා කෞශ්‍යය ඔපවත්වීමෙන් මොඩියානෝ ලියන ලිපි අර්ථවත් මෙන් ම ගැඹුරු විය. 1968 දී ප්‍රථම වරට දෙබස් සහිත සාහිත්‍ය ග්‍රන්ථයක් රචනා කිරීමට මොඩියානෝ සමත් විය. මේ රචනය‍ මොඩියානෝගේ ලේඛන කලාව නව මාවතකට හැරවූ හැරවුම් ලක්ෂ්‍යයක් මෙන් විය. පැට්රික් තම සම්මානය ගැන උදම් ඇනුවේ නැත. එය ලැබීම පිළිබඳ ඔහු තම අව්‍යජ සතුට මෙසේ පළකළේය.

“මං හිතනවා මට හැකිවුණා කියලා පාඨකයන්ගේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරන්න. ලේඛකයකුට ඇත්තෙන් ම අවශ්‍ය වෙන්නේ තම පාඨක සමූහයා දිනා ගැනීම කියලා. මං හිතනවා ඒක මේ එක මොහොතකින් කරන්න බැහැ කියලා. ඒ සඳහා කාලයක් ගතවෙනවා. කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ලේඛකයන් කියන්නේ තම දිවියේ කැපකිරීම් කරන අය. මං හිතන්නේ ලේඛකයෙක් වෙන්න බැහැ, එවැනි කැප කිරීමක් කරන්නේ නැතුව. කැපකිරීම් සමූහයක අවසානය තමයි සැබෑ ජයග්‍රහණය වෙන්නේ. ඇත්තෙන් ම මට ත්‍යාගයක් ලබනවා කියලා ඉලක්කයක් තිබුණේ නැහැ.

book-3

“මට අවශ්‍ය වුණේ ලේඛනය වෙනුවෙන් යමක් කිරීමට. අද එය සාර්ථක වුණා. එහි ප්‍රතිඵලය ලෙස මට නොබෙල් ත්‍යාගයක හිමිකම ලැබුණා. මං හිතන්නේ මේ මගේ අදහස් දක්වන ප්‍රථම වතාව කියලා. ඕනෙම ලේඛකයකුට මූලික අඩිතාලමක් තියෙනවා. ඒකට අත්තිවාරම කියලාත් කියනවා. මං හිතන්නේ මගේ අත්තිවාරම වුණේ මගේ පරිසරය තේරුම් ගැනීම. මේ සබඳතාව මං ගොඩනඟාගත්තේ මගේ පාසල් කාලයේ දීමයි. මගේ පරිසරයේ ජීවත්වෙන මිනිස්සුන්ගේ චරිත මං මගේ නවකතාවට උපයෝගි කරගත්තා. නවකතාවලට චරිත ගොනු කිරීමේ හැකියාව මට ලැබුණේ එලෙසින්. ලේඛකයෙක් කියන්නේ සංවේදී පුද්ගලයෙක්. ඒ සංවේදීකම අපි තියුණු කරගන්න ඕනේ.

“ඒ තියුණු කිරීමෙන් චරිත ගොඩනැඟීමේ පෙරහුරුව මම ලැබුවා. ෙසාබාදහමේ තිබෙන රූප රාමුවලට මං මගේ පරිකල්පනයෙන් ජීවය දෙනවා. එතකොට ලියන්න තවතවත් පහසු වෙනවා. එහෙත් මට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ලේඛකයෙක් කියන්නේ නවකතාකරුවෙක්ම නෙවෙයි. නවකතාවක් ලිව්වොත් විතරයි සමාජය ලේඛකයෙක් කියලා පිළිගන්නේ. ඒක එහෙම නැහැ.”

පැට්රික්ට හුරුපුරුදු ලේඛන ශෛලියක් තිබුණි. අනුකරණයෙන් ඉදිරියට යාමේ බලාපොරොත්තුවක් ඔහුට නොතිබුණි. ඔටුන්නක් ගැන බලාපොරොත්තුවක් පැට්රික් මොඩියා­ෙනා්ට නොවුණත් ඔහුට හිමි ඔටුන්න ෙසාබාදහම උරුම කර දුනි. සාහිත්‍යයට හිමි නොබෙල් ත්‍යාගය ලැබීමෙන් එය මනාව සනාථ වුණි.

අන්තර්ජාලය ඇසුරෙනි.

 

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)

කැටපත්පවුරට ලියන්න