කඩුගන්නා වැස්ස – කෞශි දිසානායක

No Comment 76 Views

සෙංකඩගල මහ වැස්සේ
කඩුගන්නා ගල පහළදි
අදත් ඇහේ කොණ ඉස්සේ
ගළහට යන මග අහලදි
එදා වැස්සමද ද.න්.නෑ….
අදත් ව.හි.න්.නේ…..

පාට හතක් නෑ සඳුනේ
හිත් දේදුන්නේ පායා
එක කවියයි, හඳුනන්නේ
මැකී ගියත් නුඹෙ සේයා
එදා වැස්සමද ද.න්.නෑ….
අදත් ව.හි.න්.නේ ………

උළලේණුන් හඬනා රෑ
නිදිමත ඔච්චම් කරද්දි
ගල් කැටයම් කුමට අඹා
අප ප්‍රේමය , කැටි ගැසෙද්දි
එදා වැස්සමද ද.න්.නෑ
අදත් ව.හි.න්.නේ….

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)