රිදුම්-ඉවසුම්-පිරිමැදුම් – මල්ෂා J. ලංකානි

No Comment 10 Views
රිදුම්-ඉවසුම්-පිරිමැදුම්
ඔව් ඇත්ත,
මල් පිපෙන කාලෙටයි වැඩිපුරම වැස්ස
දුක්ගැහැට අගහිඟ
හිනාවෙන් පිරිමහන
අප්පච්චි කියන්නෙ ම
 සංසාර උරහිසක්
ස්නේහයේ බර ම තැන්
කර පින්න ගත්ත
පුරන් මද්දහන්වල
ගින්දර බරින් මිරිකෙන
රළු පියාපත්වල හැපී
මොළොක් තටු ලිහී ගිලිහෙන
ඇස්වලත් තිබුණා හයියක්
හැම කඳුලටම උර දෙන
ඒ දෙනෙත්වලත් ඇති කවියක්
හොඳම වචනෙක සෙනේ සඟවන
සෙනෙහසය කියන්නේ රිදුමක්
කඳුලුබර ඉඩෝරෙක
සුසුමක්
රළු අතක සියුම් පිරිමැදුමක්
වැහි තුරල් කර බලා හිඳුමක්…
මල්ෂා J. ලංකානි
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)