මධ්‍යස්ථ ඌරෙක් – ප්‍රසාද් වීරසිංහ

No Comment 8 Views

මධ්‍යස්ථ ඌරෙක්
*******************
දිය අගලකින් වටවුණ- මඩ ගඳ ඌරු කොටුවක්
හරි මැද අයිතිකරගෙන – වැජඹුනා සූකරයෙක්

වමට පය තිබ්බොත් – දකුණටත් යයි අඩියක්
උතුරට ඇවිද්දොත් – අනික් අහටත් දුවයි සැරයක්
නවතියි අන්තිමේ – හිටි තැනම ඒ උගේ හැටියක්
ගරුසරුව ඇතුව කියැවෙයි
“හා! මධ්‍යස්ථ ඌරෙක්”

අගල අසලට ආ කල – නාඳුනන වල් (ඌරු) නඩයක්
හෙලා දැක දැක දඩයම – හඬතලයි බිම උලා කුරයක්
නත්තලට අවුරුද්දට – “පෝක්” වෙනකොට අසල්වැසියෙක්
කුටුකුටු ගගා තැන තැන – යදී බොරුවට හෙණයක්
“බැන්ණනෙ මරපු කාටත්”
තිබුණත් සැරේ වෙනසක්
සියලු සූකර සිත්බැඳි
“ඌ ඌරුවාදී ඌරෙක්”

කෑමට සලාකය – ලැබෙනකොට දවසට දෙසැරයක්
වනා වනා එහි යහගුණ – වළඳයි විලස මහතෙක්
උතුරා ගිය වෙලේ – පොදු මිනිස් වැසිකිළියක්
පැනගෙන ගිහින් හැල්මේ – පැරදුවා ආ ලොකුම ගලියක්
“වෙනසක් කොහෙද කෑමේ”
නෑ කිසි උඩඟු ගතියක්
බහුතරේ (ගඳ අනුව) කීවේ
“මූ හරි සරල ඌරෙක්”


ප්‍රසාද් වීරසිංහ

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)