හදවතම සිදුරු කොට, – තිළිණ අවිෂ්ක

No Comment 11 Views

හදවතේ ඉසියුම්ම තැන්

මුදුව පිරිමැද,

ලා රක්ත පැහැ අහසක

හදවතම සිදුරු කළ

ඒ විසල් කඳු පාමුල

ඇඟිලි තුඩු පවා

හිරිවැටුනු සීතලක

වෙන්දේසි විය

මුදුවකට

හදෙහි වූ ප්‍රේමයම

අහස් හද සිදුරු කොට

ඉහළටම විහිදුන

කන්දටද හදක් ඇත

ගල් ගැහෙන සීතලක වුව

තියුණු සැතකින්

හදවතම සිදුරු කොට,

රක්ත වර්ණයට හරවා

කඳු පාමුල

අවසන් සුසුම් පොද නික්මින

මුදුවක

ගල් ගැසී ගිය

කඳු හදවතද සසැලින

බලන් කඳු හද

උණුව වැගිරෙන

-තිළිණ අවිෂ්ක

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)