කැස්වටුවන්ගේ කථාව – – අතුල විජේවික්‍රම

No Comment 10 Views
කැස්වටුවන්ගේ කථාව 
පුරුදු ගම් බිම්
අතැර
යෝධ පෙන්ගුයින්
කුරුල්ලන් මැද
බියෙන් සැඟවී
අහුල ලා කන
පාට තුනපහ
පුංචි පැටවුන්
ලෝකයට මුදවා හරින්නට
නේක වැඩ කර යෝධයින් හට
රිදෙන තටු පිරිමදින අතරේ
හීන දකිමින් නිදි වැළඳ ගත්
කැස්වටුවකුගේ කථාවක් ගැන
කිව්ව මතකයි තාත්තා මට
නින්ද එනතුරු ඒ දවස් වල
තුරුළු කරගෙන
පිරිමදින හිස …
- අතුල විජේවික්‍රම
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)