ඔබ නික්ම ගිය පසුව – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 15 Views
ඔබ නික්ම ගිය පසුව
නවාතැන,ලිපිනය හා යුගළ ඇඳද
කොණ්ඩය හා ඇඳුමද වෙනස් කර
පැවසුවෙමි මිතුරියන්ට
”අහා!මේ නිදහස
වසර ගණනකට පසු ලැබුණ
බිඳ දමා සිරගෙය
හුස්ම ගමි අලුත් වාතය.”
‘මූණත් එලිය වෙලා
එන්න එන්න ලස්සණ වෙලා’
දිරි ගැන්වූහ ඔවුහු
විසිතුරු වදනින්,හදවත් ලකුණින්
පණිවිඩ කවුළුව පුරවමින්.
එහෙත්
හැම උසාවි ගමනකටම පසු
මහත් වෙහෙසය
පාලුවය,තනිකමය දුකය.
නිදහස පවා කටුකය.
සිරයෙහිම සිටියානම් මීට සැපය .
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)