දිවි වළප – උදයංග අමරසේකර – ප්‍රංශය

No Comment 8 Views

දිවි වළප

උදයංග අමරසේකර

ප්‍රංශය

උගුලක් අටවා

දිවියෙකු අල්ලා

ඌට පහර දී

මරාදමයි

-පුවතක්

ගරු මහතුණි

මට කමන්න

කුසගින්න නිසා ආමි

දඩයම මිස

වෙන කලාවක් මම නොදනිමි

උගුල් අටවන්නට නොදත්තෙන්

ඔබේ උගුලේ මම වැටුණෙමි

මගේ ගොදුරු බිම් මත

ඔබේ වගාව නැඟ එයි

මගේ දියකඳුර තුළ

ඔබේ රසායන ගඳ ගලයි

මගෙ හම

ඔබ පයට පා පිස්සකි

මගෙ නියපොත්ත

ඔබට කර තැල්ලකි

මගෙ දත

ඔබට අංගාභරණයකි

එම්බාම් කළ මගෙ මළසිරුර

ඔබේ විසිත්තයට අලංකාරයකි

ගොදුරක් සොයා ආ මාව

හොරෙකුට ගෙන ගස් බැඳ

ඔබ මාව මැරුවෙහි ය

ගල් ගසා

එගල් ඔබ හිස මතටම

ආපසු හැරී නොඒවා!

දඩයම මිස මම

හොරකම නොදනිමි

කුසගින්න නිසා ආමි

ගරු මහතුණි

මගේ සාගින්න ගැන

මට කමන්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)