දැන් එතන හිස් තැනකි – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 3 Views
දැන් එතන හිස් තැනකි.
ඔඩු ගිහින් ගැඹුරටම හෑරුණ
තුවාලයක් වගේ.
කොපමණ ඔසු ගැල්වුවත්
සමාවේ පැලැස්තර ඇලෙව්වත්
නැවත සුව නොවන,
කොතනදැයි ඇසූවත්
අතනය මෙතනය කිව නොහැකි
භයංකාර රිදුමක් වගේ.
එහෙයින් ඔබ නොඑන්න.
ඔබ නිසා ඇතිවුවද
ඔබට නැති කළ නොහේ.
ඒ ගැඹුරු හිස්තැන
මා සමග බද්ධ වුන
නිවුන්නෙක් වගේ.
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)