වියෝ ගී –  විජායිනී නාලිකා කරුණාතිලක

No Comment 108 Views

වසත් මල් ගොමු වල..

ඇසෙන්නේ නෑ නොවෙද..

දුක්බරිත ගුම් නද…?

 

හිනැහෙන්න පුර හඳට ඉඩ දෙයිද..

රෑ යමෙක

අතු පතර ඇද හැලෙන..

කඳුළු පිණි බිඳ..!

 

වස්සාන සීතලට තුරුළු වී..

ගුලි වෙනා මතකයක..

යළි  හමා නො එනු ඇත..

සුගන්ධිත මඳ නළ..!

 

ගිම්හාන සැඳෑවක ගිලිහෙනා..

හදට දුර සුසුම් රැළි..

ඈතටම ගෙන යාවි..

වියෝ වූ පෙම් කව…!

 

 

 

 

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)