ඒ ලියමන – කාංචනා අමිලානි

No Comment 67 Views
දුම් දමන්නේ තේ බඳුන
කරමින් හෙමිහිට තර්ජන
නොලීවොත් මැදියමේ ඒ ලියමන
අමතක කර දමන බවට
ඔබ හා බැඳි සියලු මතක
ලෙයින් හා තීන්තෙන්
විටින් විට ලිවිය හැක
තැපෑලට දමනු නොහැකිය
කියවන්න දෙනු නොමැනය
අතරමඟ උවදුරුය
අකුරු කිසිවක් වසඟයට ගනු නොරිසිය
මෙවන් ඉල්ලීම් ඔබ වන් කෙනෙකුට නොසරිලන
ගඟ ගලා යන බව පෙනෙන්නට ඇතිම විට
මල් දියේ පා කර කුමන අරුමක් මවන්නද
ගං දියේ ගැඹුරු තැන සිතින් මැනගෙන
නොලියූ ලියමන පා කරමි ඒ ගැඹර විනිවිද
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)