හිස්ම හිස් අහස යට – තරුරසි ප‍්‍රනාන්දු

No Comment 80 Views

හිස්ම හිස් අහස යට
තෙත් කැවුණු ඇස් දෙකක්
සාංකාවෙන් සලිත වෙයි…

සුරත හෙමිහිට තබා ළය මත
මේ රිදුම් දෙන හදවතත්
මගෙම දැයි…
මොහොතකට කවියක්
විපිළිසර වෙයි…

ඇස් දෙකක් කඳුලකට අත වනයි…

රිදෙන්නට තවත්… තව තවත්
තිබුණා ද හදවතක්..?
කුමකට ද හදවතක්..?
සුසුමක් කඳුලකින් විමසයි..

මන්දාකිනියකට මග හැරී ගිය
පුංචි තරු කැටයක්
අහස් ගඟ ඉවුරු පැන
පොලෝ ගැබ වැද
දූවිලි පියලි අතර
සැඟව යයි….

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)