ජීවිතේ චිත්‍රයක් මිස් | දිනිති දීපිකා

No Comment 100 Views

(අට වසරේ සිට සෞන්දර්යය විෂය සදහා චිත්‍ර තෝරගැනීම හේතුවෙන් සාමාන්‍ය පෙළ දක්වා ගෙවුන සෑම වසරකම වැඩි කාලයක් චිත්‍ර පාට කරන්නට දිය සායම් නැති වීමේ හේතුවෙන් පන්තියෙන් පිට සිටීමට සිදුවීම )
_______________________________________
“කුමුදුනී “නම වුනත්
දකින විට ඔබේ රුව
මළමිනී දුටු ලෙසට
මගේ හද බිය වුනා

දිය සායමක් දිය කරන්නට
ජීවිතේ දියවරක් නැති විට
දිය කඳුර පාද ගන්නට
ඕනැ හින්දයි ආවෙ අකුරට

සුදු ඩ්‍රෝවින් පොතේ පැන්සල් ඉරි වලට
කළු උවනතක් මවන් ඔබ යස අපූරුවකට
හරි තේරුමක් දන්නැති පොඩි කෙල්ලකට
විද්දා හීය පපු කැනති එළියට පනින්නට

කෝපි පොලූ පාරවල් දෙකයි අත් දෙකට
ජම්බෝල සයිස් කඳුළු ගුලි දෙකයි ඇස් දෙකට
දණ ගහන් පීරියඩ් දෙකයි ගිනිගහන අව්වක
බිම බලන් තනියමම ඇඩුවෙ, මම තමයි එ’දවසක

හදා ගන්නට බැරි තරම් ජීවිතේ ගැඹුරට
එදා අතපසු වුනේ නැති බැරිකමට
රටා මල් සාරිය ඇදන් ආ “කුමුදුනී මිස් “, පුරුද්දට
වගේ එනවා තාම ඔබ මගේ හිත අගිස්සට

සෘණ නොවෙන සිතුවිලි තෙරපගෙන
දින ගණන් ගෙවුවා කුස, තද කරන් ගින්නකට
තිර අදිටනින් නොසෙල්වුන පොඩි කෙල්ලෙකුට
ජීවිතේ මිස් වුනේ නෑ මිස්, බැන්නාට සද්දෙකට.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)