ගිනි ගත් සිහිනය​! – අසෝකා දේවසුරේන්ඳ්‍රා – ලෝරියන්ට්- ප්‍රංශය​

No Comment 71 Views
නුඹට ඕනෑ දේ කරාගෙන,
නුඹ ගියා  මට  හිනාවී ගෙන​…
සිතේ ගිනි කන් දක්  ඇවිලගෙන​
පිච්චුනා අපි සැවොම  එදිනම…..
 
කිමද පුතුණේ යන්න සිතුනේ ,
නුඹේ සිතිවිලි ඉරා දා ගෙන​???
නංගිගේ හිත ලාමකයි හරි ,
ඇයට බැහැ එය දරා ගන්නට​.
මල්ලි කිසිවක් නොකිය හිටියත්
ඔහුත් එහෙමයි දුක දරාගෙන​…….
තාත්තත් හිටියාට ඉන්නව;
මමත් උත්සහ දරනවා….
හදා ගන්නට  හිතක් තිබුණොත්!
 
මෙලොව ජීවත් වන තුරා අපි 
“නුඹ සිටියි හද මඬල ඇතුලේ”
වෙනස් කරනට කිසිවෙකුට බැහැ
නුඹම ආවොත් මිසක් ආයෙත්!!!!
 
තවම අපි මේ ගිනි ගොඩේ;
කොහෙන් ගොඩ එන්නද සිතේ?
ඇයි පුතේ නොකියම ගියේ???
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)