එමග – ගයාරම්‍ය අල්විස්

No Comment 70 Views

තමන් තනිව නිවන් දකින
ගමන් මගක ගමන් නොගෙන
දනන් නිවන රටක් තනන
පැතුම ජීවිතය කරගෙන
නිවන් දකින තුරු දිදුලන
කසාවතක අභිමන ඔබ

තැබූ පවර පියවර පෙළ
විල්ලුද පාවඩ මත නොව
කුරුඳු වත්ත සේම ඔබට
සුනාපරන්තයද එකය

පුහුදුන් දන කළ හිරිහැර
අරමුණ හමුවෙහි නොතකන
පක්ෂ පාට වල නො ඇලී
අපක්ෂයම පක්ෂය වූ
නිකෙලෙස් මුණිවර හදවත
නිදන් කරමු හැම හදකම

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)