විරාගික පැහැගත් සිතුවම – තුෂාරිකා ඇන්තනි

No Comment 82 Views
හසුරුවයි අතදරා බලතල
හිරු සැඟව ගිය සුළු ෙමාහොතක
චණ්ඩව මකා පා සටහන් වැලිමත
බම්බලපිටිය සයුරුතෙම
අප දෙදෙන කිඳී සිටි තැන
තබා තියුණු ගල්පර
නොපෙනෙන්න හිස්තැනක්
ඔබ හා මා නැතිව
මවයි හඳුනාගත
නොහැකි සිත්තමක්
මුසපත්ව වරෙක අප
රඟන අවසරය තුල
ඈත දියඹක සිට දිව ආ
ඉඟිබිඟි හොරතාලයට පා
අප පා මත බිදී ගිය
දඟකාර රළපෙළ පවා
පිටමන් කර ඇත වෙරළවෙත…
අවට සිටි සැම වර්ණ ඇත පෙම්වත්
එහි ඒ ඒ් තැන සිනා රැව්දෙත්
එහැම එපරිදිමය
‘එතැන’ පමණක්ය ඇත්තෙ
සිතුවම, විරාගික පැහැගත්…

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)