පාළුයි බෝ මළුව බුදු ගෙය විහාරය – බුද්ධදාස ගලප්පත්ති

No Comment 130 Views

දුක්බර සුළඟ බෝ පත් සොලවා හමන
හිමි කොහි වෙද කියා රහසින් සොයනු මෙන
නිහඬව සැතැපිලා සිටිනා හිමි දකින
සුළඟ හඬනු බල සකියෙනි හද සොවින

පාළුයි බෝ මළුව බුදු ගෙය විහාරය
කඳුලැලි පිරී නෙතු අග පාරවයි ළය
කෙලෙසක දරා ගනිමුද හිමි වියෝගය
පිළිතුරු සොයන මුව දස දහසක් ගොළුය

සිහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී
ජනයා අතර සමගිය සාමය පෑදී
බුදු හිමි දෙසූ මෙත් ගුණ නව අරහාදී
පහදා දුන් සේක හිමි තුන් සිත පෑදී

අඳුරු ලොවක ජනයා අතර මං වුණ
මුදා ගත් සේක හිමි දල්වා පහන
සාධාරණ ලොවක් සඳහා කළ සටන
අමතක නොවේ හිමි නැති වූව ද මෙදින

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)