තරුණියක තරුණයකුට යවන ලද ලියමනක්.- රන්කිරි ගුණතිලක

No Comment 530 Views

යහපත් තරුණියක් සරණ ගිවිස සිට පසුව ඈ නිකරුනේ අත්හරින්ට හිතට ගත් තරුණ මහතෙකුට යවන ලද ලියමනක්.. (කර්තෘ ගැන සඳහනක් නොමැත.)

වරලස නිල්ලා දිනු සිකිපිල්ලා
වතකර පුල්ල නෙතු නිලුපුල්ලා
දුටුදන ගොල්ලා වඩවන ලොල්ලා
රැඳි මනකල්ලා සිරි පැහැදුල්ලා

සුමිහිරි යස කතාය රැඳු මෙතාය
සැම දින සුසිරිතාය වැඩු ඉතාය
සසොබන එම කතාය ගුණ යුතාය
සරනෙට ඔබ වෙතාය සිත සිතාය.

කඳුලැලියෙන් සරාය මුව සරාය
දුක වැද ගොර තරාය සර සරාය
සැම සැප මනහරාය අත හැරාය
අපමණ කරදරාය දර දරාය.

පියකරු ඔබ තුමාය සිත පෙමාය
වඩමින දොස පමාය දුර දමාය
එලඳට කර සමාය විගසමාය
වැජඹෙනු සැපසෙමාය මනරමාය

මෙන්න ඊට තරුණ මහතාගෙන් ලැබුණු පිළිතුර:-

කීලෙස සකිසඳා අපහට අදරයෙන
සාතොස එම ලඳා ගෙන විගස සරණින
ඈ දොස තතුලෙදා පහකර තුටු සිතින
ලොකුස සිරිවිඳා පසුවෙමි නොවෙන සින.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)