ජාකොබ් ගොන්සාලේස් විසින් ලියන ලද කවකි මේ – රන්කිරි ගුණතිලක

No Comment 482 Views

සිංහල රජ පෙලපතේ අන්තිම රජු සිංහාසනරුඪ වන්නට අවුරුදු 3ට පමණ පෙර ලංකාවට ආගමනය කර සිංහල බස හදාරා කතෝලික ආගම ප්‍රචාරයෙහි මූලිකයෙකුව සිට ශ්‍රී විජය රාජසින්හ නම් නායක්කර් වන්ෂික රජු සෙන්කඩගල රජකම් කල කාලේ පරලෝකප්‍රාප්ත වූ බව කියන ජාකොබ් ගොන්සාලේස් විසින් ලියන ලද කවකි මේ:

“පටල පුට ගන අඳුරු බිඳහැර උදා වන රිවි චන්ද්‍ර මඬලද
එකට වටකර මෙලොව හැමතැන ලෙලදෙනා මහ මේග කූටද
ජලට මෙතෙකැයි ගැඹුර නොමදත් සමුදුරද මහ අහස පොළවද
බලට මැවු අපෙ දෙවිඳු හැර වෙන සුරෙක් මුනියෙක් කියව කවුරුද?”

1900 සැප්තැම්බර් 6 දා පලවූ ඤානාර්ථප්‍රදීපයේ සී.පී. යන අත්සනින් එම කවියට දුන් පිළිතුර මෙසේයි:

“ලොවක් මැව් බව කියා ඇති තැන දියත් මැව් බව ඉන් හැඟෙමය
ලොවක් මැව්මට ඉඩක් තිබුනේ දැනට මේ ලොව තිබෙන තැනමය
කුමක් දොඩනුද එලිය නැති තැන අඳුර පැවතෙන්නටම යුතුමය
මුලක් වන සැමදේට මෙදෙවිඳු මවන්නට වෙන කෙනෙක් නැතිමය.. ”

පානදුරේ ඩි.එම්.සිල්වා මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද “කව්කළඹ ” සඟරාවක ද
එවැනිම පිළිතුරු කවක් පලවූයේ එය විදාගම මහා ස්ථවිරයන් ගේ කෘතියක් ලෙසින් වුවද එය විය නොහැක්කක් ලෙස එකල පළවූ “ඥානාදර්ශය” නමැති තවත් උගතුන්ගේ සඟරාවක පසුව පළවූ ලිපියක ප්‍රශ්නයක් වූයේ ගොන්සාල්වෙස් පියතුමාගේ කවිය ලිය ඇත්තේ විදාගම ස්ථවිරයන් ගේ අභාවයෙන් අවුරුදු තුන් සියයක පමණ අවෑමෙන් හෙයින් උන්නාන්සේ කෙසේ නම් එයට පිළිතුරු කවක් ලියත්දැයි යන්නය.. එසේ වෙතත්, එම පිළිතුරු කවිය කවුරුන් විසින් ලියන ලද්දක් වුවත් මනාව ගලපා ලියා ඇති කවක් හෙයින් ඔබ සැමගේ පහන් සංවේගය සඳහා මෙහි බහා ලමි.

මැවුම් කාරයාණන් ගැන විදාගම තෙරුන් විසින් ලියුවාය කියන (නිර්නාමික කවියකු විසින් “කව් කළඹ” ට ලියන ලද) කවිය මෙසේයි:

කුමන විහිළුද අඳුර ජල දෙක මැව්වේ නැතිකොට කොතන තිබුනද
මෙවෙනි ඉම නැති ලොවක් මැවුමට ඉඩක් තිබුනේ කියව කොතනද
ඇතුළ නල ජල සතද ඉර හඳ සමග මුහුදද බලට මැවුනිද
මෙබඳු බල දෙවි කෙනෙක් ඇත්නම් එදෙවි මැව්වේ කියව කවුරුද .

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)