ග්‍රෙගරි වැව නිහඬව – තුෂාරිකා ඇන්තනි

No Comment 111 Views
පෙර දිනෙක තම නමට ලියාගත්
උණුසුම්ම ලුණු රසය
දහදියක..
කැලතුන කඳුළක..
පතුලතට මුදවනා තෙක්
නිහඬව ග්‍රෙගරි වැව
කරබාන
තවත් උදයක
මීදුමට අඬගසයි
මොහොතකට සෘතු මාරු කර හෝ
එ’දුක වැඳ වලප්නා තම නෙත්
නිරාවරණය නොකරන්න යැයි
නම නොදන්නා කන්දකට අමතයි
දිය කඳුරක සිඟිති අඩිවල
බර වැඩිකර ඉක්මණින් විත්
යළි සීතලෙන් පුරවන්න යැයි…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)