වැඩි­ම­ලාගේ ළතැ­විල්ල – දේ.වි. ගාල්ලගේ

No Comment 78 Views

‘ගොඩ ගියා’ කියා මං ජීවි­තෙන්

නැ‍ඟෙන මුත්, හිඟම දේ සැන­සු­මයි
බාල­යන් ටික උඹල අනා­ථයි
මුත් හිතේ සතුට ඇති සහ­ති­කයි

‍‍පිරි­ප­තම ඉගෙනගත් පැටි වියේ
සිප් සතර, සර­ස­විය දුර ගියා
‍මට තිබුණු එකම එක සහ­තිකේ
නොසිතූ දුර මා දිවිය ගෙන ගියා

දෙම­වු­පිය උරු­ම­යෙන් පිච්චි­යක්
මටත්, උඹ­ල­ටත් නෑ – සත්‍ය­යක්
ජීවිතේ නේරං­ජනා ගඟ පැන්න වූ
කන්ථක වුණේ මට, ‘සුදු කොලර්’ රස්සාව

මා පලැති රුකක් සේ පෙනෙනු ඇති
නුඹ­ලාට පල නැතැයි කෝප ඇති
නොතැ­කු­වත් රුක, පලය බුදින අය
රුකට හිමි­කම් කියන අයත් වෙති

තනිව බුදු වෙන හිතක් නැති නිසා
උඹ­ල­ගෙත් පාරමී ගැන බලමි
දුෂ්කර ක්‍රියා මිස බුදු බවක්
උඹ­ලාට නැති­ක­මයි ළතැ­විල්ල

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)