එතකොට නොපෙනෙන්නෙ කාටද, අහස ලස්සන පාටට – තුෂාරිකා ඇන්තනි

No Comment 53 Views
සනීප යැයි
රිදෙන්නැති යැයි
සිතූ කැලළිවලටත්
වේදනාලේප ගල්වන
රහස් මොහොතක්
එනව නිසැකයි
තට්ටු කීපයක
යටට කර තැබුවයි
එඩිතර නොසැලුමට
වේදනා බිඳුනැයි
හදාගත් සිත
තුංග තුඟුමත යටව ගිය
කුහුඹුවෙක් තරමයි
අළුපාට අතුරා
වසාගෙන හිටියාට
වළාකුලු උනත් කැමැතියි
ගැඹුරු හුස්මක් අරන්
බිඳුවෙන් බිඳුව ගිලිහිලා
නිල්පාට ඉඩ ගනිතැයි
එතකොට
නොපෙනෙන්නෙ කාටද
අහස ලස්සන පාටට
අන්න ඒ වෙලාවට
ආලේප සොයන තුරු
කියන්න ඇස් පියාගන්නැයි
හිතක් පපුවක් නැතිව
කල්පයක් ටැග් ගැහුණ
පෙනේරය සදිසි
කොපුල් මත සඳ මවන
කැළැල් සඟවන්නැයි..
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)