මාරාන්තික ප්‍රේමය – ආශා ඩී පෙරේරා

No Comment 90 Views

අහස පොළොවට ආදරේ බව
පොළොව පිළිගෙන නෑ තවත්
හඩ හඩා ළය ගසාගෙන අත්
අහස හඩනව නෑ නිමක්

වසාගෙන මුව කළු වලාවෙන්
නැතිව අව් රැල්ලට ඉඩක්
මෙතෙක් කල් එක් මගක ආ බව
අමතකයි වාගෙ ඉරක්

මියෙනු මිස අත් නොහැර යන්නට
සිතාගත් සේ එක හිතක්
අහස නුඹ නම් කළේ පොළොවට
මාරාන්තික ප්‍රේමයක්

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)