හටන – පී.එම්.පතිරණ

No Comment 61 Views
තැවී මයිනහමේ ගින්දරෙන්
තැලී කුළුගෙඩියෙන් බර
පදම් වීමි දෘඬ වීමි
මමද  තොප මෙන්ම
සැදී යකඩින්
හැඩ කැවී එකම ආචාරියකු අතින්.

“රටට බත දෙන කුඹුරු සැදුමට
මටද තොපමෙන් කිමද බැරි කිව”
විමසුවා කැත්ත උදැල්ලෙන්
වල් කොටා මොටවූ
තලය පා දොම්නසින්

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)