අපි ඩිවෝස් වෙමු! – තනුජා ලුම්බිණි

No Comment 108 Views

ඒ තරං පහසුවෙන් ඔබ ඒක කිව්වෙ කොහොමද
අල දීසි සද්ද නැගෙන්නම මේසෙට ආවෙ ඒකය
මුද්ද දාන්න බැරි තරම් වෙදැඟිල්ල හිර වෙන්න
රත්තරං රස කෑම කෑවෙ මගෙන් විතරක් නෙමෙයිද

දෙනෝදාහක් බලන් හිටි අල්තාරෙ ඉදිරිපිට
දෙතොල් ලකුණක් තිබ්බෙ ආදරේටම නෙවෙයි ද
බත් හැළිය ඉදි ඉදී වරු ගණන් ගතවෙන කොට
ගෙදර ගිනි පිට ගිහින් හිතේ ගින්දර ඔක්කොම මට

ඇඳ ඇතිරිලිත් පොඩි වුනු ඉමිහිරිම දවස්වල
සුදු ඇත් පැටවු කොයිතරම් පැදකුණු කරන්න ට ඇති ද
මාස්ටර් කරගෙන කොරොල්ලාවක යන්න
බැහැ නේද ඇත් පැටව් හිටියනම් අපිට

අපි ඩිවෝස් වෙමු!
ඒ තරං රිද්දන වචන තුනක් උඩ
ජීවිතේ ඉර ඉරා දාන්න බෑ මට
මේතරං බර හීන මොකටද ඔබ නැතුව
මධුසමය අද රෑය කලින් එනවද ඔබ

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)