යුරේකා (උඩුකුරු තෙරපුම) – එම් පී පියසිරි

No Comment 84 Views
හැමදාමත්
කොයි කොතැනත්
ජල තලයක් හෝ
නොඑසේ නම්
වෙනත් දියක් වුව…
එහි මතුපිට
සමතලයකි
සොබා දමේ
නයට අනුව

බැහැරින් වට
යමක් ගැටී
එහි සමතල
හැඩය මැකී
දිය කොටසක්
පිටතට ගොස්
තලයෙන් ඉහළට
එසැවීනම්..,
එදිය කොටස
එහිමැ බරින්

යළි තෙරැපී
පහළටවිත්
වැකුණු හැඩය
යළි සකසා
සමතල පිට
රැකගන්නට
වෙර දැරීම
සොබාදමයි

එහිමැ බරින්
පහළට එන
එදිය කඳෙහි
බර නැවතත්
බැහැරින් වට
දෙයට යටින්
මත තෙරැපී
පහළින් ඉහළට
එසැවේ
උඩුකුරු තෙරපුමවී…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)