ඔක්තෝබරය – තුෂාරිකා ඇන්තනි

No Comment 67 Views
වැහි බිඳට හරි මැලිකමයි
ඔක්තෝබරය නපුරු ඇයි
මහ දියකඳක් ඇවැසිමයි
සැඩව එනුමැන
මතක කන්දකි
ඔබා යට කරනට තමයි
ඉසිඹුවක් නැති සඳ කැලුම මත
මොහොතකට නැහැවෙයි මැවෙයි
අත්තටු  මැවෙයි
නෙත් පියා ගන්නට සිතෙයි
සඳට ඈතයි හිතලු බොඳවන
සංසාරෙ තරමට දුරයි
හුරු අමාවක සතපවමි සිත
මන්ද්ර  ස්වරයක පටලැවෙයි
උන්හිටිය තැන් නෑ ඉදින්
හද කල්යල් බලා
අවතැන් කෙරෙයි
වළාකුළු  කම්මුල්  සිනාසී
සුළඟ වෙත පිටුපා ඉඳී
සුළැඟිලි තට්ටුවක පහස ලද විට
දෙනෙත’ඟ දකී යැයි බිය ගනියි….
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)