සිහිනාර්ථ — පී.එම්. පතිරණ

No Comment 142 Views

සිහිනෙන් දුටු සිහිනයකි
ඒ සිහිනයම නොවේ
සිහිනය නොවන්නේද  නොවේ
හැබැහින් ඇති යතාර්ථයද නොවේ
සිහිනයෙහිම තවත් දිගුවක් විනා

හැබැහින් දක්නා සිහිනයකි
“යතාර්ථය” නම් වූ
නික්ම යන තෙක් – දැක්ම නැති තෙක්
එක්ව සැම රොක්ව බලනා
ඒ සැබෑවද නොවේ
සැබෑ නොවන්නේද නොවේ
සිහිනයෙහිම තවත් මුහුණක් විනා

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)