අැත්නම් බලන්නට, එකවරක්…. – තුෂාරිකා අැන්තනි

No Comment 77 Views
ගොළුමඩම හන්දියය තැන
ගිනි, අළු අතුරවා
වසාලයි ලයමත
උනුයි වැහි පොද
පහුකර රත්මලානෙට යනවිට‍
පිරිමදිමි ඖෂධ
සුරතල්ව තෙපළන මුදු වදන්
අනින රිදුමට
විඥාන මගදිග පියවර හඬ මත
පාසැලට පය තබන
දඟනොකරන දඟදෙපතුලට
අම්මාගෙ වැලමිටය තනිවට
බේරෙමි බිඳුවලින් වැස්සේ
කුඩය යට රැකවරණයයි
අම්මගෙ උණුසුමයි
සීතල මකන අස්සේ
එනමුත් නැවතිය නොහැක
පැණ ගලය් හිත පතුල මත්තේ
මගේ අම්මගේ මුහුණ
කොහොමට පෙනෙනවද
මේ සිරිපොද වැස්සේ
ආසයි බලන්නට ලැබෙනවා නම්
එය විතරක්ම
සත්තමයි ඇස් වහගන්නවා
කියනවා නම් මම ඊට පස්සේ..
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)