නුඹට – කාංචනා ප්‍රියකාන්ත

No Comment 198 Views

ලා රෝස මල් පොකුරු විලි බරව බිම බලන

සුවඳ සුළඟක එතී නිහඬ ගීයක් ගයන
මාවතකි අප දිහා පුදුමයෙන් මෙන් බලන
කොහේ ගියෙදැයි කියා අසනවා අප දෙදෙන

ආදරේ පුරවාපු තරු ඇහිඳගත් අහස
ඉඳ හිටලා ගැනපු තරු පොළවටම විසි කෙරුව
බිම වැටුණු තරු ඇහිඳගෙන ගෙදර ගෙනියන්න
එන්නේ නැද්දැයි කියා අහනවා අප දෙදෙන

නම නොදන්නා මහා ගස් වලින් සෙවන වුණ
තාර පාරක ඈත කොනක ඇති අවන්හල
පාලු මේසයක් උඩ කෝපි වීදුරු පිරෙන
නොහඳුන බව කියන්නේ කිමද අප දෙදෙන

ඒ අපම බව හැඟෙන තවත් දෙදෙනෙක් සිටින
ඒ අපම දැයි කියා දැන නොදැන මගහැරෙන
එහෙත් පෙර පුරුදු ලෙස පුරුද්දට සිනා සී
අද නතර වී සිටිමු නොහඳුනන ලෙස මෙතැන

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)