උද්දච්ච සිසිරය… රන්සිරිමාල් ප්‍රනාන්දු.

No Comment 82 Views

මල් පිපෙන
ඵල දරන
සියළු ගස්වල
පත් හලා සූරා
ඉපල් දඬු ඉතිරි කර
සිංදු කිව්
ඉගිල ගිය
බටිත්තන් ගාල් කර
හංගා පියසි අගුවල…

ආඩම්බරකාර උද්දච්ච සිසිරය…

දැන් හලයි වැහි බිංදු මුදවා
පුංචි සියුමැලි සුදු මල් හදා
හැළුණු පත් යට
මැරුණු තණ බිම
සුදම් සිල්වත්
සුදෙන් සරසයි
සුදුම සුදු මල් සාටකයක් වියා…!

ඇවිද යමු අපි
මල් පිපුණු
බුමුතුරුණ මත පා උලා
හෙමි හෙමින් අඩි තබා
පරිස්සම් වී නොලිස්සන්නට…!

පා යටින් බිඳිලා දියව
ගලන හිම මල් කඳුළු වී
සැඟව පස්යට
නිදා හිඳ හෙට
නැවුම් දළුලන
ඉපල් තුරු මත
පුබුදු වන්නට සුවඳ මල්…!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)