අතුරුදන් වූ සැමියාට!! අනුරාධා මනෝහරි පෙරේරා.

No Comment 48 Views

—————————–
බොහෝ කාලෙක ඉඳන්
හිතේ දුක ලිය ලියා
විඳවමින් මකනවා ඇති තරම්
වසර තිහකුත් ගිහින්
නුඹ තාම ආවේ නැහැ
කොහේදො සැඟ වුනේ සිරිමෙවන් …..

වැඩට යනවා කියා
ඔතාගෙන බත්මුලක්
නුඹ ගියේ දෝණිවත් සිප පෙමින්
එදා රත් පැහැ ගත්තු
මලක් මිදුලේ වැටී
පරවෙලා තිබුනා බිම සිරිමෙවන් …..

ඇහේ සුද ඇවිල්ලා
කියලා දොස්තර කිව්වේ
ගිය සුමනේ දිනක හරි හිමින්
එනකම්ම බලා හිඳ
හිසේ වගේ ඇස් දෙකත්
සුදු වෙලා ගිහින් ඇති සිරිමෙවන් …..

දෝණි බැඳලත් ගිහින්
පොඩි පුතෙක් වඩා ගෙන
ඇවිත් මෙහෙ එන යනවා හිටිගමන්
මගේ ඇස් පියවෙන්න
පෙර නුඹව දැකගන්න
බැරිවෙයිද කියලා බය සිරිමෙවන් …..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)