චේ සහ මූත්‍රා – ️ කපිල එම්. ගමගේ

No Comment 100 Views

මුත්‍රා කරන ලද බිත්තියක
වැදුනු වෙඩි සර දරාගෙන
අනිච්චේ, “චේ” නුඹත් හිටියා
හවානා සුරුට්ටුව දල්වගෙන

හැමදාම අඩිගහන නිශාචර
දුප්පතුන් මුත්‍රා පහින තැන මෙතන
“බල්ලන්ට පමණයි” ලියා තිබුණද
නොදත්තෝ අකුරු, කියෙව්වා නුඹ
තොප්පියේ තරුවට අහසක් නැති බව දැන

මහින්දට උඩින් රනිල් අලවන
සුදු උකුස්සෝ ඇවිත් නුඹ ගලවන
ආයුධය හේත්තුකර නුඹේ මුහුණට
“අර යකා ත් මේ වගේමයි”
කිව්වේ කාටද හිතනවා තවම
මූත්‍රා කරන හැම විටකම

ආයෙත් දවසක ඇලවෙලා ඇලවෙයි
චේ නුඹ මෙතනම
බීපු හැම රෑකම වැනි වැනී ඇවිදින්
අපිත් මූත්‍රා කරනවා මෙතැන
බල්ලන්ට බව දැනගෙන
නුඹේ තොප්පියේ තරුවට හිනාවීගෙන..

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)