චක්‍රය…. – චන්දන ගුණසේකර

No Comment 101 Views

සිකුරාදා හැන්දෑව

දුවයි කලබලයෙන්
සතියක්ම කැඹුරූ
නුවර අතහැර ගම දොර බලාගෙන සතුටින්…

ඇදෙයි ටික ටික සැඳෑ කළුවර
නන්නාඳුනන සොරකු සේ
නිදි ගත් ගම අතැර
නඟරය සොයා හෙමිහිට

අවදිවෙයි නඟරය
අවදි කරවා සියලු කම් සැප
බීර පෙණ ඉතිරෙයි තැනෙක
ගැටෙන වීදුරු අතර

සරති රූමත් ළඳුන් ඔබ මොබ
ගිනි පිට කරන නෙතු ඇති
මිනිසෙකු නිදයි අගුවක
යන එන තැනක් නැති

විදුලි එළි නැටවෙන
සියලු සැප කැටිවුණ
සුරපුරයි මිහිමත බිහිවුණ
එනමුදු ඉරිද හවසට
හැරෙයි දෙව් ලොව අමු සොහොනට

සඳුදා ඇරබෙන දිවි සංග්‍රාමයෙ
පෙරනිමිති දවයි හදවත
මිරිකෙන දිවිය වැඩ’තර
හැල්මේ දුවයි තරගෙට
නැවත එනතුරු සිකුරාදා හැන්දෑව…..

එහෙත්…

ඒ වන විට තවත් සතියකින් ගොස්ය අප වයසට….

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)