අං පාර – ප්‍රසාද් වීරසිංහ

No Comment 73 Views
හැම රෑම හීනෙකින් – කර ඇඹෙන හැටි දකින
කඩුලු කඹ කඩාගෙන – පනින ඇන ඇන දුවන
හති වැටී නතරවී – හණගැසූ තැන කසන
අං පාර (නො)වැරදුන – බෝ හිසින ලේ ගලන

 

කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුන
හිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුන
වියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුන
හලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)