හශාන් රන්දික ඩයස්

No Comment 17 Views

නිතර යන එන අඩිපාරේ වැට මායිමේ
නිල් පුරුක් මල් දරාගෙන එක පෝලිමේ
වන්දනාවේ යන සමනලයිනේ මී මැස්සනේ
මන්ද මේ ඉසව්වෙන් නුඹ නොයන කාරණේ?

සෑදී කුඩාවට ලාදළු අතු අගට
පීදී සුනිල් මල් නගමින් සොඳ රුවට
පෑගී පයට යනෙනා ගොන් කුර වලට
පේවී හිඳිනු පමණද උරුමය නුඹ ට?

තැනි පොළව වසාගත් සමතලා කොළ පාට
ඔපවේය නුඹ අතින් තැවරිලා නිල් පාට
රොන් සුවඳ විඳින්නට කෙනෙකු ලඟ නැතුවාට
අඩු නොවේ කිසි දිනක නුඹේ මල් පෙති පාට

මහ උසට වැඩුණු තුරු සෙනඟතර මේ බිමේ
දුහුවිල්ල වැසුණු මිහිතලේ සුවඳ උරමිනේ
පියාසලනා ඈත සමණලුන් දෙස බලමිනේ
සිය දහස් ගණන් තව නිල් පුරුක් මල් පිපේ…

-hAsH-

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)