අවසාන කවිය!! වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 385 Views

ලියන්නට එපාම යැයි
ඔබ කියූ කවිය
ලිවිය යුතු කාලය
එළැඹ ඇත.

මේ අප ගැනයි කවුරු දනිත්ද
අනුමාන කරනු මිස.

ලැගුම්හලක කිටි කිටියේ සිරව
ප්‍රලය වූ හෝරා කිහිපයක
සිතා සිටි අන්දම වෙනස් විය
ප්‍රේමය ගැන.
දහඩිය කුයිල
පාතරසයේ සුදුලූනු ගන්ධය අතර.

වචන හා ක්‍රියාවන් ද
අණදීම් හා සුරතල් කිරීම්ද
කෙඳිරීම් හා හති හැලීම් ද
පමණක්මද ප්‍රේමය?
බදා සිටිනතර
බෙදා ගැනුම් ගිලිහිණි ද?

දැන් ඉල්ලා සිටීමේ කාලයය.
ගසන්නට පෙර අන්තිම ඇණයද
අතීතය වැතිර හිඳින ගුහාවට
අත් හරින්න මා සුරත
ගලවන්න ප්‍රේමයේ දම්වැල
කීතු කරන්න අයිතියේ කෙවිට.

මේ අවසාන කවියය
නිදහසේ අවකාශයේ
අතුරුදන් වෙන්න පෙර ලියන.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)