( ක ) උරුමය. – වත්සලා කුමාරි. මාලඹේ.

No Comment 353 Views

( ක) උරුමය

විඳිමිද, විඳවමිද මා
ආදරය, ජීවිතය හා දුක
එකම නොවේදැයි?
කරුමයද උරුමයද……

ආදරය පිටවීය පෑල දොරින්
දුක කදුළ වෙලා ගති
මුළු ජීවිතයම
දෙදෙනා විඳවයි.

නොසරුප් වදන් විය ආදර බස්
වෛරය පලිගැනීම විය ආදරය
බොරුව විය විශ්වාසය
වෙනස් විය සියල්ල.

ඉවසා ගත නොහැකි නිසාවෙන්
ගසා ගතිමි ඔලුව පොලවේ
පුපුරන්ට වෙර ගනිමින්
ඒත් තාම නාඩි වැටෙයි.
උරුමය කරුමයත් සමඟින්.

වත්සලා කුමාරි.
මාලඹේ.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)