ඞීබී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය 2018

No Comment 418 Views

shortStoryCompetitionAthulaweb

රන් පන්හිඳ සම්මානය වෙනුවෙන්
ඞීබී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය 2018

සිංහල කෙටිකතාකරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන්  වාර්ෂික සම්මානයක් අරඹන්නට කටයුතු සූදානම් කර ඇත

තරග කොන්දේසි

1 සිංහල භාෂාවෙන් ලියන ඕනෑම අයෙකුට සහභාගි විය හැකි ය. වයස් සීමාවක් නැත.
2 එක් අයෙකුට එවීමට අවසර ඇත්තේ එක් නිර්මාණයක් පමණකි.
3 තරගයට ඉදිරිපත් කරන නිර්මාණ මෙයට පෙර මුද‍්‍රිත කෙටිකතා සංග‍්‍රහ වලට ඇතුලත් වූ ඒවා නොවිය යුතුය.
4 වචන සීමාවක් නැත.
5 සියලුම කෙටිකතා යතුරු ලියනය කර හෝ ස්කෑන් කර හෝ ranpanhinda@gmail.com ඊමේල් ලිපිනයට එවිය යුතුය.
6 නිර්මාණ බාරගන්නා අවසාන දිනය 2018 අගෝස්තු 31 වෙයි
7අවසාන වටයට තේරෙන කෙටිකතා දහය පොතක් ලෙස මුද්‍රණය කරන්නට කටයුතු යොදා ඇත. තරගකරුවන් එයට එකඟ විය යුතුය.
8 තරගය පිළිබඳ මතුවන සියළු කරුණු කාරනා වලදී අවසන් තීරණය සන්නස සංස්කාරකවරුන් සතු ය.

තරගයට නිර්මාණ එවන නිර්මාණකරුවන් නිර්මාණකාරියන් ඉහත කොන්දේසි වලට එකඟ විය යුතු ය.

අවසන් විනිශ්චය ප‍්‍රවීණ නිර්මාණකරුවන්ගෙන් සුසැදි විනිශ්චය මණ්ඩලයක් විසින් ගනු ලබන අතර රන් පන්හිඳ සම්මානය දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 50000 ක්ද දෙවන තැන දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 30000 ක්ද තෙවන තැන දිනාගන්නා කෙටිකතාවට මුදලින් රුපියල් 20000 ක්ද පිරිනැමෙයි.

 

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)