මනුසඳ සැරිය….෴ සෝමසිරි කස්තුරිආරච්චි – මංජු නැදගමුව

No Comment 408 Views

සෝමසිරි කස්තුරිආරච්චි
මනුසඳ සැරිය….෴

 

මංජු නැදගමුව

 

“ඉස්සර මේ පළාත දැන් තරමටම දියණු නෑ.අපේ තාත්තට ඉඩම් තිබුණා .ලොරි හයක් තිබුණා.තාත්ත රජයේ කොන්ත්‍රාත් කරුවෙක්.නමසිය හතලිස් අටේ ගොතටුව බන්ට් එක හැදුවෙ අපේ තාත්ත.ඒ පැත්තෙ පාරත් අඩි තුනක් උස්සල බන්ට් එක ඇදුවෙ.ඒ නිසයි අදටත් ගොතටුව බේරෙන්නෙ .”

ඒ රජයේ කොන්ත්‍රාත් වැඩ කරපු තාත්තගෙ නම ජොහානිස් පෙරේරා.අම්මා පොඩිනෝනා රොද්‍රිගෝ .මේ අඹු සැමි යුවලට පවුලෙ බාලය ඉපදුනේ 1940 වසරෙ ඔක්තෝබර් මාසෙ 07 වෙනිදා.
සෝමසිරි කස්තුරිආරචචි ට අක්කල තුන්දෙනෙක් හිටියා.

“මට යාන්තම් වයස අවුරුදු දෙකයි.ලෝක යුද්දෙ කාලෙ ගොතටුවේ විසාල කෑම්ප් එකක් දාල තිබුණා.තාත්තල නිතර කෑම්ප් එකට යනව.එතන පන්ජාබ් සාජන් කෙනෙක් හිටියා.එයාගෙ පුතාත් මගෙ වයසෙමයි.අවුරුදු දෙකයි.ඉතිං පන්ජාබ් සාජන් මාවත් කෑම්ප් එක ඇතුලට අරගන්නව.මම එයාගෙ පුතා එක්ක සෙල්ලම් කරනව .අපිට ඉතිං යුද්දෙ ගැන දැනීමක් නෑනෙ”

සෝමසිරි කස්තුරිආරචචි පාසැල් ගියෙ ගොතටුයේ රජයේ පාසැලට.ගොතටුව පාසැලේ හිටපු දඟයා සෝමසිරි, දඟ වැඩ කොතෙක් කළත් පාසැල් වැඩ අතපසු කළේ නෑ.සෝමසිරිගෙ තාත්ත නිතරම පොත් පත් ගෙදරට ගෙනාව , ඒ නිසා කුඩා කාලෙ ඉඳලම සෝමසිරි කියවන්න පුරුදු වුණා.

“පාසැල් කාලෙන් පස්සෙ පනස් හයේ දේශපාලන පෙරළියේදී නොයෙක් ⁣දේශපාලන කටයුතුවල නිරතවුණා. ඒ වෙනකොට මට යාන්තමට දාසයයි
ඉතිං ඡන්දෙවත් නෑ.ඒත් කොලු කමට දේශපාලන වැඩ වලට උදව් කළා…..”

“ඒ කාලෙ වෙකකොට මම කවි ලියන්න පටන් අරන්.ලංකාදීලයට එහෙම දිගටම කවි ලාව්වා.නමසිය පනස් අටේ මට ලංකාදීපෙන් චෙක් එකක් ලැබුණ රුපියල් විස්සක.ඉතිං ඒව මාරු කරගන්නවත් මම දැනං හිටියෙ නෑ….”

සෝමසිරි 1958 වසරෙ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ ආහාර අමාත්‍යංශයේ සමූපකාර කළමණාකරුවෙකු හැටියට.

“එතන මම වැඩ කළේ අවුරුදු තුනයි .මට රස්සාවක් කරන්න උනන්දුවක් තිබුනෙ නෑ.රස්සාවක් නොකළ කියල අඩුපාඩුවක් දැනුනෙත් නෑ.ඒ නිසා මම පත්තර වලට ලියන්න පුරුදු වුණා .

” දවස පත්තරේ වැඩ කළා.වැල්ලම්පිටියෙ වාර්තාකරුවෙකු විදිහට.”

සෝමසිරි කස්තුරිආරචචි පළමු කෘතිය ලියා එළිදක්වන්නෙ 1980 වසරෙ.

“වයිරා හීනෙන් බයවෙල” ළමා කෘතියක් වුවත් සෝමසිරි ඒ කෘතිය තුලින් හරි අපූරු අදහසක් ජනගත කළා.
ඒ නිසාම ඒ කෘතිය දෙමළ බසටත් , ඉංග්‍රීසි බසටත් පරිවර්තනය වුණා.

“මේ මගෙ වයිරා හීනෙන් බයවෙලා පොත කියවපු මඩිහේ ලොකු හාමුදුරුවො ( මඩිහේ පඤ්ඤාසීහ) “මේ පොත හොඳයි පිචර් එකක් කරන්න'” කියල කිව්වා””

** හොඳ සුදු පුතා

** ජන නායක පොඩිත්තා

** මව් ගුණය

** මුල්ම අධ්‍යාපන ඇමති කන්නංගර මමයි
( ඉංග්‍රීසි හා දමිළ බසට පරිවර්තනය විට)

** පන්සලේ පියතුමා

** වෙසක් කැකුළු අතු අග හිඳ

සෝමසිරි කස්තුරිආරචචි තම කෘතීන් මෙන්ම බොහොමයක් සහෘදයින්ගේ කෘතීන්ද ප්‍රකාශයට පත්කර ඇත.

” ඉතිහාසෙ දවසක පිටුවක්” කියල තීරු ලිපිය රිවිරට ලිව්වෙ මම.ඒක 2012 ඉදල 2015 දක්වා සතිපතා ලිව්වා.ඒ වගේ තවත් පත්තර බොහොමයකටම මම ලිපි ලිව්වා.කෞතුක එනතුව පැරණි පිංතූර එකතුවක් රිවිරටම ලිව්වා. හැටි කියල.බොහොමයක් ඓතිහාසික තොරතුරු ඒ ලිපිවල අන්තර්ගතව ලිව්වා”

“සම්මාන ගැන නම් මට උනන්දුවක් නෑ.මට ඒව ලැබිලත් නෑ.දැන් මට හැත්තෑ අටක් වෙනව.ඉතිරි ටික කාලෙත් මොනව හරි හරවත් දෙයක් ලියා කියාගෙන සැහැල්ලුවෙන් ඉන්නයි මට ඕනෙ”

සෝමසිරි කස්තුරිආරචචි නම් වූ අපූරු ලේඛකයා ආදරණීය දඩබ්බරයා ගැන මාධ්‍ය තුලින් මා මීට පෙර කියවා නැත .මාධ්‍ය ඔහු පසෙකට තල්ලුකොට ඇති බවක් දැනෙයි.එහෙත් යුගයක පත්තර කලාව පෝෂණය කළ අපූරු ලේඛකයා සියල්ල උපේක්ෂාවෙන් බලා සිටී.
නිහතමානි ගුණෙන් අනූන මේ ප්‍රවීන ලේඛකයා හෙට දවස ගැන දයාවෙන් යුතුය බලාසිටී.

සෝමසිරි කස්තුරිආරචචි නම් වූ දඩබ්බරයාට මනුසඳ සැරියේ ආචාරය පුද කරමි.

මැතිතුමනි ඔබට චිරං ජයතු.

 

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)