ආඳා උල්පත ඒ මං උපන් තැන – සුමනා විජේරත්න

No Comment 28 Views

ආඳා උල්පත ඒ මං උපන් තැන,
එක්වී එකමග අත්වැල් පටලා
ඔහේ නිරන්තරේ ඇදී ගියා
ටිකක් නතර වී, ගිමන් නිවා

නවක් සිසාරා කොඳෙව් වටකර
නැම්මේ ගැම්මට දියවර මුසුකර
නොනැවත ඇදුනා ඔහේ පාවුණා
ජවය මොහොතකින් බිඳී ගියා

මලක් නෙලාගෙන සුසුමක දවටා
දෑස් අයා ගෙන ඔහේ වැතිර සිටියා
බිම්බරක් සෙනග සනසා පහසින්
ගිමන් නිවා සිසිලස දුන්නා

ඔබ මුණ ගැසුනේ සැදෑ යාමයේ
ගලක් වුණා දැඩි ප්‍රතාපවත් වූ
පලක් වේමැයි ඔබ ළග දැවටී මම
විලක් වුනා නිසි දියවර පුදදෙන

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)