එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි ! – පරාක්‍රම නිරිඇල්ල

No Comment 35 Views

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි !

අප මිත්‍ර පරාක්‍රම නිරිඇල්ල නාට්‍යකරුවකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු හා සිනමාකරුවකු ලෙස ප්‍රචලිතය. එහෙත් ඔහු කෙටිකතාකරුවකු බව දන්නේ අතලොස්සකි. මෙය ඔහු 1988 දි ලිව්ව කතාවක්. 1988 සැප්තැම්බර් මාසෙ 25 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ ශාස්ත්‍රීය සංග්‍රහයේ පළ උනා. (ප‍්‍රියන්ජන් පුරේෂ් ද සිල්වා ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී)
…………………………………………………………………………………..

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි !
සිල්වා රාගම දුම්රිය පොලෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත්
සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වක ින් සිටි ඔහු ඉක්මණින්ම බර කල්පනාවකට වැටුණි. කෝච්චිය
හෙලවි හෙලවී ගමන් කරණවිට තමන්ට ඉදිරි ආසනයේ තමන් මෙන්ම හෙලවි හෙලවී සිටි මගියෙකු
තමන් දෙස උවමනාවෙන් බලා සිටින බව, කල්පනාවෙන ් මිදුනු සිල්වාට දැකගත හැකි විය. සිල්වාද ඔහු
දෙස ́නෑකමින් හොඳට බැ ̈වේය. ඉදිරියේ සිටි මිනිහා සිනා සී,
“මුදලාලිට මාව මතකද?” ඇසුවේය.
“දැකලා පුරුදුය ි වගේ…….. එ ්ත් එකපාරටම කියන්න නිච්චියක් නෑ”. එසේ කිය ූ සිල්වා තවමත්
́නෑකමින් ඔහු දෙස බලා සිටිමින්ම මේ කවුදැයි කල්පනා කරන්නට විය.
“ඇයි මතක නැද්ද? මුදලාලිගෙ ගම්පහ කඬේට අල්ලප ු බෝතල් පත්තර කඬේ දාගෙන හිටියෙ. මම
නඩරාජා.”
“අම්මපා! මේ නඩා නේන ්නං.”
සිල්වා උතුරා යන මහත් සතුටින් නඩරාජාගේ දෑතම අල්ලා ගත්තේය. මහ`ඵ වියට පත් තමාට එතරම්
සමීපව සිටි නඩරාජා අමතක වීම ගැන සිල්වාට ලජ්ජාවක ්ද දැනුණි. එතැන් සිට නඩරාජා කුරුණෑගලින්
බසිනතුරු ඔවුන් දෙදෙනා යෙදුණු සුහද සංවාදයෙහි කොටසකි මේ.
සිල්වා – කොච්චර කාලෙකට පස්සෙද නඩාව දැක්කෙ?
නඩා – පනස් අටේ කෝලහලෙට පස්සෙ අදනෙ දැක්කෙ. (කාලය ගණන් බලා) අයියෝ කඩවුලේ

2

අවුරුදු තිහක් ! පුඃ !!
සිල්වා – මොන තරම් සන්තෝසද සෑහෙන කාලෙකින් දැකගන්න ලැබුනාට.
නඩා – මටත් හුඟාක් සන ්තෝසයි තමා. දැන් අපි නාකියො වෙලා.
සිල්වා – දැන් ඉතිං කොහෙද මේ යන්නෙ?
නඩා – මම යනවා මගෙ ගේනි බලන්න කුරුණෑගල.
සිල්වා – මොකද එයා එහෙ කරන ්නෙ?
නඩා – ලොකු බංගලාවක වැඩ. ඉතිං, මුදලාලි තම ුසෙ කොහෙද යන්නෙ?
සිල්වා – මම යනවා අනුරාධපුරේටත් එහා, සේනපුර අනාථ කඳවුරට මගෙ නංගිව බලලා එන්න.
නඩා – එයා එතන මොකද?
සිල්වා – ඒගොල්ල අනාත වෙලා. පවුල පිටින්ම ඉන්නෙ එතන. තමුසෙලාගෙ කොටි ඒගොල්ලන්ගෙ
ගෙවල් ගිනි තියලා එලෙව්වානෙ.
නඩා – අයියෝ ෂාමි…….. පවු……. (මොහොතක නිහැඬියාවක්) …….. ඉතිං ඇයි එ ්ගොල්ලන්ව
මුදලාලිගෙ ගෙදරට එක්ක එන්නෙ නැත්තෙ?
සිල්වා – මස්සිනා කැමති නෑ උපන් ගම දාලා එන්න. තත්වෙ හොඳ උනාම කොහොමහරි හිටපු තැනට
කවදාහරි යන්න තමයි එ්ගොල්ල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එ්ත ඉති කවදා නං තත්වෙ
හොඳ වෙයිද කවුද දන්නෙ. මම යං කියලා අඬගැහුවා එ ්ත් එන්නෙ නෑ. මොනවා කරන්නද?
………ඈ ́යි ඇයි තමුසෙලාගෙ ඔය කොටි ඔය වගේ දරුණු විදියට හැසිරෙන්නෙ?
නඩා – ඒ තරුණ කොල්ලො කියනවා ඒගොල්ලො කොටි උනේ කවදාවත් දෙමෙලුන්ගෙ ප්‍රශ්න
විසඳෙන්නෙ නැති හින්දා ̈. එ ්ගොල්ලො ඉගෙන ගත්තාට වැඩක් නෑ ̈. ජොබ්ස් නෑ ̈.
අනාගතේ නෑ ̈. ඒගොල්ලන්ට සලකන විදිය අසාධාරණයි ̈. ඉතිං බැරිම තැන රටක්
හදන ්න තමයි එ ්ගොල්ලන්ට ́නැ වෙලා තියෙන්නෙ.
සිල්වා – ඉතිං ́ය ි අපේ සිංහල කොල්ලොත් ක්න්නෙි ඔය ටිකමනෙ.
නඩා – ඇත්තට? හරිම ප්‍රශ්නය තමයි.
සිල්වා – කොහොම උනත් තමුසෙලාගෙ කොටි අපේ මිනිස්සුන්ව අනාත කඳවුරුවල ලග්ගෝපු එක
හරිය කියලා හිතනවද?
නඩා – වැරදියි……. සම්පූ3⁄4ණයෙන්ම වැරදියි ! (නිහඬතාවයක්) මුදලාලි, අපිත් හිටියනෙ අනාත
කඳවුරක.
සිල්වා – ඇතිතට? එ ් කොහොමද?

3
නඩා – ඇයි ම ුදලාලි, අපි වඩමරච්චියෙ ඉන්නකොට සිංහල ආමි එක අපේ ගෙවල් කැඩුවනෙ. උඩින්
ඇවිල්ලාත් බෝම්බ දැම්මා. පොලොව දිගේ ඇවිල්ලාත් ෂෙල් ගැහුවා. අපි හිටියෙ ගේන ිගෙ
තාත්තාගෙ ගෙදර. ඉතිං ඒ ගේත් කැඩිලා ඉන්න තැනක් නැතුව කෝවිලේ අනාත කඳවුරක
හිටියා. අපි විතරක ් නෙවේ ම ුදලාලි, තම ුසෙ දන්නවාද ඉන්ඩියන් ආමි ආවාර පස්සෙ තවත්
දෙමළ අනාතයො ඉන්නවා. අදත් ඉන්නවා.
සිල්වා – නඩා කොච්චර කල් හිටියාද අනාත කඳවුරේ?
නඩා – ඉඳලා ඉඳලා බැරිම තැන එ ්කෙන ් පැනලා අපි මෙහෙ ආවා, ගිය මාසෙ. ගේනි බංගලාවක
රස්සාවකට ගියා. මම කොළඹ හෝටලේක වැඩ. ගේනිගෙ අම්මලා තාත්තලා තාම යාපනේ.
දැං මැරිලාද දන්නෙ නෑ. දැනගන්න විදියකුත් නෑ.
සිල්වා – තම ුසෙට දැන් දරුවොත් ඇතිනෙ?
නඩා – කොල්ලො දෙන්නෙක් හිටියා මුදලාලි.
සිල්වා – ඉතිං ඒ දෙන්නා?
නඩා – දෙන්නාම ටයිගර්ස්ලාට එකතු උනා. එක්කෙනෙක් මැරුණා. අනිකා ඉන්නව ̈……… කොහෙ
ඉන්නවද දන්නෙ නෑ. (නිහැඬියාවක ්) …….ම ුදලාලිගෙ ළමයි?
සිල්වා – ඔවු. දුවයි, පුතයි.
නඩා – දෙන්නාට වරදක් නැතුව ඇතිනෙ?
සිල්වා – දුව උගන්නනවා අම්පාර පැත්තෙ. දැන් හරිම භයානක පැත්තක්. අපි එයා ගැන හරිම බයෙන්
ඉන්නෙ.
නඩා – එතකොට පුතා?
සිල්වා – පුතා විශ්ව විද්‍යාලෙට ගියා ගියාමයි. (දිග සුසුමක් හෙලයි)
නඩා – ඇයි ම ුදලාලි?
සිල්වා – ඌ ජේ.වී.පී. එකට එකතුවෙලා ̈. ඉන්නවාද මැරිලාද දන්නෙ නෑ. කිසිම ආරංචියක් නෑ.
නඩා – හරි වැඬේනෙ, මට වෙච්ච දේමයි.
(දෙදෙනාම බොහෝ වේලාවක් නිහඬව සිටිති.)
නඩා – මුදලාලි, සිංහලන පොලීසියයි ආමි එකයි අපේ කොල්ලො හොය හොයා අපේ ගෙවල් කඩලා
ගිනි තිබ්බනෙ. දෙමළ මිනිස්සුත් මැරුවනෙ. දැං එ ්ගොල්ලො සිංහල මිනිස්සුන්ගෙ ගෙවලුත්
කඩනව ̈, ගිනි තියනව ̈, ඉස්කෝලෙ යන දරුවොත් විනාස කරනව ̈, නේද?
සිල්වා – ඒක නේන්නං බලනවකො.

4
නඩා – අපිටත් කළේ ඔය ටිකමයි ම ුදලාලි…… ඉතිං මුදලාලි, ඔය සිංහල පොලීසියයි, ආමි එකයි අපේ
කොල්ලො එක්ක යුද ්ද කරනකාට සිංහල මිනිස්සු, අම්මලා තාත්තලා පන්සලේ ප ූජා තිබ්බා
නේද, “අපේ ආමි පොලිස් ආරක්ෂා කරන්න”, කියලා?
සිල්වා – ඔව් ́යි. හහක් ලියා බෝදි පූජා කරන ්ඩ.
නඩා – අන්න හරි ! බෝති පූජා! (නඩරාජාට මහ හඬින් සිනා නැගෙයි.)
සිල්වා – මළ ඉලව්ව !
(සිල්වා නොරුස්නා කේන්ති ඉරියව්වකින ් ඉවත බලා සිටියි.)
නඩා – ඔය ආමි එක, පොලීසිය තම ුසෙලාගෙත් නෙවෙය ි, අපෙත් නෙවෙය ි ම ුදලාලි…… අයියෝ ෂාමි!
දෙමළ මිනිහත් මැරෙනවා, සිංහල මිනිහත් මැරෙනවා. ඉවර නෑ. නරක කාලෙ තමයි.
(සිල්වා සහ නඩරාජා නැවතත් න ිහඬව සුසුම් හෙලති.)
සිල්වා – ඈ නඩා, තම ුසෙ පනස් අටේ කෝලහලෙදි තම ුසෙගෙ ගම්පහ කඬේ නැති උනාට පස්සෙ
මොනවද කළේ? කොහොමද ජීවත් උනේ?
නඩා – කඬේ කඩාපු දවසෙ තම ුසෙ මාව හංගාගෙන හිටියානෙ. එ ්ක හින්දා මාව බේරුනා. මට ඒක
අමතක වෙන්නෙ නෑ. තම ුසෙ එදා දෙයියො වගේ මට බැ ̈වා.
සිල්වා – මම ඒක කළේ මනුස්සකමට.
නඩා – එ ් කෝලාලෙ ඉවරවෙලා මම කොච්චියෙ ආවා යාපනේ. ඇවි යාපනේ මාකට් එකේ මා ̈
ලෑල්ලක් දැම්මා. ටිකක් ටිකක් ෂල්ලි ආවාම සිල්ලර කඩයක් දැම්මා, ටවුමෙ පොලීසිය කිට්ටුව.
ටික ටික මට හොඳ උනා. මම කසාද බැන්දා. ළමයි හම්බ උනා. ඔහොම ඉන්නකොට තමයි
එයිටිවන් අවුරුද්දෙ පොලිස් රාළහාමිලාට කවුද වෙඩි තියලා මැරුවා කියලා පොලීසිය ඇවිත්
ටවුමෙ කඩ කැඩුවා. අපේ කඩෙත් කැඩුවා. මම මොනවා කරන්නද මුදලාලි? මම අහිංසක
මිනිහා. මගෙ කඬේ ඉවරය ි. ආයිත් පාරක් මගෙ ඔක්කොම සුරුස් ගානකොට ඉවරයි.
(ඔහු හඬ නොනැගෙන සේ, දුම්රියේ ජනේලයට ඔ ̈ව තබාගෙන සිල්වාට හැර වෙනත් අයට
නොපෙනෙන සේ අඬයි.)
සිල්වා – අපොයි දෙයියනේ !
(නඩරාජා ඇඬීම අවසන් වූ පසු සුසුමක් ඇර රහසින් කඳු`ඵ පිසගෙන නැවතත් කෙළින ් වෙයි.)
සිල්වා – බලනවකො ́ය ි, මගෙ කඩෙත් කැඩුවනෙ.
නඩා – මොනවා? ගම්පහ කඬේ?
සිල්වා – ඔව්. එච්චරමනෙ මට ආදායමකට තිබුනෙ.

5

නඩා – කවුද කැඩුවෙ? පොලිස්ද? ආමිද?
සිල්වා – දෙගොල්ලන්ගෙන් කවුරුහරි.
නඩා – මොකද එ ් කැඩුවෙ?
සිල්වා – ‍ෙදාලොස් වෙනිදා කඩ වහන්න කියලා කොල්ලො කඬේට ඇවිත් ලියුමක් දුන්නා. ඉතිං
නොවහා පු`ඵවනැ. මම කඬේ වහලා ගෙදරට වෙලා හිටියා. හදිසියෙ මට ආරංචි උනා
ටවුමෙ වහපු කඩ කඩනවා ක ියලා. ඉතිං මම දුවගෙන ආවා. ඇවි බලනකොට කඬේ කඩලා
ඇරලා. බාගයක් විතර බඩු අඩුයි. ඇදලා.
නඩා – තම ුසෙගෙ බඩු බාගෙද නැති උනේ? මගෙ ඔක්කොම තමයි නැති උනේ. තුන ්පාරක්ම
ඔක්කොම නැති උනා. පනස් අටේ ගම්පහදි. එයිටි වන ් යාපනේදි. එයිටි සික්ස්
වඩමරච්චියෙදි. ඔක්කොම නැති උනා. ඔහොම යනකොට, තව ටික දවසකින ්
තම ුසෙලාගෙත් ඔක්කොම නැතිවෙය ි.
සිල්වා – එ ් කොහොමද?
නඩා – මම පොඩි ජාතියෙ එකා හින ්දා ඔක්කොම එකපාරටම නැති උනා. තම ුසෙලා ලොකු
ජාතියනෙ. එ ්ක හින ්දා ටික ටික හෙමින ් හෙමින් තමයි නැති වෙන ්නෙ. බලනවා මං
කියන්නෙ බොරුද කියලා.
සිල්වා – හැබෑමයි.
නඩා – ඉස්සර සිංහල පොලීසියයි ආමි එකයි යාපනේ හිටියා. අපි බයෙන ් හිටියා. අපි විනාස
උනා. දැං ඉන්නවා ඉන්ඩියන් ආමි. අපි තවත් විනාසයි. ඉන්න තැනුත් නැතිවෙලා. කන්න
නැතිවෙලා. අපිට වගේ කවදාහරි ඉන්ඩියන් ආමි හරි ඇfමිකන් ආමි හරි ආවොත් සිංහල
මිනිහාට තව හොඳට තේරෙය ි.
සිල්වා – ඇත්තටම එහෙම වෙය ිද නඩා?
නඩා – එ ්ක දෙයියො තමයි දන්නවා.
(සිල්වා නළලේ නැගුණු ඩා බිඳු පිසීමට බැනියම් සාක්කුවෙන් ලේනුසුව ගනිද ්දී ඔහුගේ අතින් වේදනාවක නැගෙන බවත්, අතේ මැණික් කටුව තෙල් තැවරුණු රෙදි පටිවලින ් වෙලා ඇති බවත් නඩරාජා දකිය ි.)
නඩා – ඇයි මුදලාලි මොකද අත?
සිල්වා – එදා ‍ෙදාලොස් වෙන ිදා මට සිද්ධ වෙච්ච දෙයක් තමයි.
නඩා – ආමිද? පොලිස්ද?
සිල්වා – සිවිල් ඇඳලා හිටියෙ. කවුද දන්නෙ නෑ.

6

නඩා – තම ුසෙගෙ පුතා ජේ.වී.පී. ග ියා කියලා එයාලා දන්නවද?
සිල්වා – ඒක හුඟක් අය දන්නවා.
නඩා – අයියෝ ෂාමි! මුදලාලි ඔය අතින ුත් අර බෝති ප ූජාවලට මල් ගත්තා නේද? පාන පත්තු
කළා නේද?
(සිල්වා නිරුත්තරව අසරණව බලා සිටියි. ටික වේලාවකින් දෙදෙනා යළි කතාබහ අරඹති.
දුම්රිය පණ අදිමින් ඇදි ඇදී යද්දී නඩරාජා කුරුණෑගලින් බසිනතුරුම ඔවුහු තවත් බොහෝ
දේ කථා කළහ.)

පරාක්‍රම නිරිඇල්ල

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)