එකමත් එක කතාවක් – එම්. උදිත නිලංග ලක්මාල් ගමගේ

No Comment 494 Views

එකමත් එක කතාවක්

අරුණ`ඵ නැගෙන වේලෙහි දැනුණු නැවුම් බව බිඳගෙන ලැබුණු දුරකථන ඇමතුමෙන් මාගේ එදින වැඩ කටයුතු පිළිබඳ වූ පූර්ව සැලසුම් සියල්ල අවුල් වී ගියාදැයි මට සිතුනි. එයට සවන් දුන් මම නැවතත් පැමිණ වැරෙන්ඩාවේ වු දිගු පුටුවට බර උනෙමි. මම අරුණලූ ස`ගවමින් ක`ඵපැහැ ගැන්වෙමින් තිබූ අහස දෙස බැලූවෙමි. ඒ දුරකථන ඇමතුම ලැබුණේ මාගේ මිත‍්‍ර වසන්ත ගෙනි.

‘‘මචං විජේ… උඹට මතකද මාධවී..’’ අනෙක් පසින් වසන්ත විමසුවේ කවරෙක් ගැන දැයි එකවර හඳුනාගත නොහැකිව මම මඳක් කල්පනා කළෙමි.
‘‘ආ … අර මිරි`ගුවේ…’’
‘‘ඔව් බං …. එයා මැරිළලූ…’’ ‘‘ඒ කොහොමද….’’ ‘‘සුයිසයිඞ් කරගෙන….’’ ‘‘නෑ…’’
බොහෝ විට අතීතය දෙස හැරී බලමින් එහිම සැරිසැරීමට අකමැත්තක් දැක්වූ එහි තිබූ බොහෝ දෑ මකා දමන්න උත්සාහ කරන මම යලිත් වසර තිහක අතීතය පෙරළා බලන්නට වූයෙමි.

 

මාධවී නානායක්කාර මා හඳුනාගන්නා විට ඇයට වයස අවුරුදු විසි පහක් පමණ වන්නට ඇත. ඇය මා හට හමුවූයේ නිළීයක් ලෙසිණි. දක්ෂ තරුණ අධ්‍යක්‍ෂ වරයෙකු වූ වසන්ත සිය දෙවන සිනමාපටය සඳහා සුදුසු නවක මුහුණු සොයමින් සිටියේය. එවකට වේදිකාවට සම්බන්දව සිටි මා හමුවන්නට පැමිණි ඔහු එහි ප‍්‍රධාන චරිතය බාරගන්නා ලෙස හමා හට නිතර ඇවිටිලි කරන්නට විය. උසස් අධ්‍යාපනයේ නිරත වෙමින්
රැුකියාවක ද නියැලූණු මා බොහෝ විට ඔහුගේ මෙම ඉල්ලීම ම`ගහරිමින් සිටියේ කාලය පිළිබඳ වූ ගැට`ඵව නිසාය. නමුත් සෙසු මගේ මිත‍්‍රයින් ඇතු`ඵ බොහෝ දෙනාගේ පෙළඹවීමෙන් පසු අවසානයේ වසන්තගෙන් මම
තිර පිටපත ඉල්ලා ගතිමි.

 

තිර පිටපත කියවන අතර තුර එහි වූ ඇතැම් දේ නිරූපනය කිරීම පිළිබඳ මගේ සිත තුළ යම් චකිතයක් ඇතිවන්නට විය. මන්ද එවන් නිරූපනයක් කිරීම පිළිබඳ නිර්භයක් මා වෙත නොවූ බැවිණි.

‘‘මචං මේකේ තියෙන්නෙ ගෙඩි පිටින්නේ…. මේවා කරලා මට පාරේ බැහැල යන්න පු`ඵවන් උනොත් ඇති …’’ මා පිටපත කියවමින් ඇසුවෙමි.
‘‘පිස්සුද බං… ඕක රියල් ස්ටෝරි එකක්… උඹ ඕක කීප සැරයක් හොඳට කියවපන්…’’

‘‘මේ ඉන්නේ ඔය ෆිල්ම් එකේ ප‍්‍රධාන ගැහැණු චරිතය…’’ වසන්ත තම බෑගයෙන් ගත් ඡුායා රූප කිහිපයක් මා වෙතට කිවේය. එහි සරාගී නෙත් ස`ගලකින් යුතු යුවතියකගේ විවිධ ඉරියව්වලින් ගන්නා ලද ඡුායා රූප සමූහයකි.
‘‘අලූත් ද..?’’මම ඒ ඡුායාරූප එකිනෙක බලමින් ඇසුවෙමි.

 

‘‘හ්ම් …. කොහොමද හොඳයිද … දැන් මොකද කියන්නේ… ’’ වසන්ත සිනාසෙමින් ඇසුවේය.

 

 

– 1 –

වසන්ත පැවසූ ලෙස ඇය ඇමරිකානු සමාගමක ශ‍්‍රී ලංකාවේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනියක සහ දුරකථන ක‍්‍රියාකරවන්නියක සේ සේවය කරමින් සිටි බවත් වසන්තගේ පෙම්වතියගේ මිතුරියක් බවත් දැනගන්නට ලැබුණි. තිර පිටපත කියවූ ඇය මෙහි අරුණි ගේ චරිතය නිරූපනයට කැමති වූ බවත් ඔහු
තවදුරටත් පැවසුවේය. ඈ වන් තරුණියක මේ සඳහා එක`ග වී සිටියදී මා මීට පසුබට වන්නේ මන්දැයි මා තුල සියුම් ලැජ්ජාවක් ඇති විය. ඒ සෑම සිතුවිල්ලක් සම`ග මාධවී මා අසලම ගැවසුණා දැයි මට සිතුණි.

සිනමාපටයේ මුහුරත් උළෙලේදී පළමුව සියැසින් දුටු මාධවී සම`ග රූගැන්වීම් ඇරඹුමත් සම`ග වඩාත්
ළ`ගින් කටයුතු කරන්නට මා හට හැකි විය. පිටපතේ සඳහන්ව තිබූ ඇතැම් සිප ගැනීමේ දර්ශන රූගැන්වීමේ දී අය වඩා තදින් මා සිප ගත්තාය. ඒ දෙස වසන්ත පවා විශ්මයෙන් බලා සිටියා විය හැකිය. ඇතැම් විට ඔහු ‘‘කට් … කට්.. ’’ යැයි කියා තවත් තතිපර කිහිපයකට පසු ඇය මා අතහරී.

‘‘මොකද විජේ බය වෙලා .. ඔයාට තේරෙන්නැද්ද මේ ෆිල්ම් එකට මේ දේවල් අත්‍යවශයි.. වසන්ත කීවට මොකද ඔහොම කුලෑටි උනොත් නම් හොඳ න`ඵවෙක් වෙන්න බැරිවෙයි …’’ ඇතැම් විට මාධවී එසේ පවසා සිනාසෙයි. මගේ නාසයෙන් හෝ නිකටෙන් අල්ලා සොලවයි.

ඇතැම් රූ ගැන්වීම් නැති දිනවල දර්ශන තලයෙන් පිටදීත් අපි මුණගැසුනෙමු. ඈ බොහෝවිට විවර වූ මනසකින් යුතුව කටයුතු කලා යැයි විටක මට සිතුණි. ඈ හඳින පළදින දෑ පවා සෙසු අයගෙන් වෙනස් විය. ඈ සිය විලාසිතා ගැන දැඩි උනන්දුවකින් සිටියාය. බොහොමයක් විලාසිතා යුරෝපයේ අලූතින් එළිදැක්වූ ඒවා විය. ඈ පිළිබඳව එවකට තිබූ කලා ස`ගරා බොහොමයක විවිධ තොරතුරු පල විය. එමෙන්ම දින දර්ශන සහ
තරුණ පුවත්පත් කිහිපයකම කවරයේ ඇගේ රුව පලකොට තිබිණි. මම එතරම් ප‍්‍රසිද්ධියට ප‍්‍රිය නොවූ බැවින් මාධ්‍ය මගහරිමින් සිටියෙමි. එබැවින් සිනමාපටය තිරගත වන තෙක් මා පිළිබඳ ලිපියක් හෝ දෙකක් පමණක් පළ වී තිබුණි.

මාධවී බොහෝ විට මා කැටුව යාමට පැමිණියේ ඇගේ කුඩා බීට්ල් රථයෙනි. මෙසේ අප දෙදෙනා ආ
ගිය ගමන් අවසන කෙලවර වූයේ වසන්තගෙන් ඇතිවූ දෝෂාරෝපණවලිනි.

‘‘යකෝ … නිකන් මෝඩයෙක් වගේ වැඩ කරන්න එපා බං…. පත්තර කාරයෝ මගෙන් අහනව උඹල දෙන්න ගැන…’’

ඉන් කෙටි කලකදී සිනමාපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේ දී පැවැත්විණ. මා සිනමා ශාලාවට පැමිණෙන විටත් මාධවී ශාලාව ඉදිරිපස ඡුායාරූපවලට පෙනී සිටිමින් කැමරාකරුවන් පිරිවරා සිටියාය. ඔවුහු අතෝරක් නැති ප‍්‍රශ්න අසමින් සිටියෝය. මා එහි එනු දැක ඇය ‘‘විජේ කම්… කම්…’’ යි මා ඈ වෙතට කැඳවූවිට කැමරාකරුවෝ අප දෙදෙනාගේ ඡුායාරූප ගැනීමට පටන් ගත්තෝය..

චිත‍්‍රපටයේ බොහෝ දර්ශන මනා සංයමයෙන් යුතුව කැමරාවෙන් රූපයට නගා තිබුණී. වසන්ත සෑහෙන දුර ගමනක් යා යුතු යැයි මම සිතුවෙමි. මෙහි ආකෘතිය පවා සම්ප‍්‍රදායික චිත‍්‍රපට ආකෘතියෙන් බැහැරව ගොඩනගා තිබුණි.

 
– 2 –

දර්ශනය නිමාවී පැවති සුහද තේපැන් සංග‍්‍රහයෙදී අප වෙත පැමිණි බොහෝ විද්වත්තු සෙසු කලාක- රුවෝ ඇතු`ඵ විවිධ පිරිස් සුබපැතුම් එක් කළෝය. එයිනුත් බොහොමයක් මටත් වඩා වසන්තට සහ නවක සුරූපිනිය වූ මාධවී වෙත ලැබුණි. එවකට ජනප‍්‍රිය සිනමාවේ කැපී පෙනුණු බොහෝ න`ඵවනට මෙන් ආකර්ශනීය පෙනුමක් මා සතු නොවුවද මා වෙත පැමිණි විද්වත් කලාකරුවන් කිහිප පලක්ම එම රංගනය ඇගයීමට ලක් කළෝය.

‘‘විජේට සෑහෙන සාර්ථක ගමනක් යන්න පු`ඵවන් වෙයි. මම දැක්ක තුන්වෙනි ලෝකයේ අපේක්‍ෂා අතර මංමුලාවුණු බලාපොරොත්තු කඩවුණු තරුණයෙකුගේ නියම ස්වරූපය විජේ ගෙන්..’’ මා අසලට පැමිණි මාහාචාර්ය සෙනරත් බණ්ඩාර පැවසුවේය. මෙසේ කළ තවත් ඇගයීම් බොහොමයක් පසුව මා දුටුවේ පුවත්පත්වල පළකර තිබූ චිත‍්‍රපට විචාර ලිපි තුළිනි. එමෙන්ම එම වකවානුවේදීම මා සම`ග කළ සම්මුඛ සාකච්ඡුා ඇසුරින් පලකල ලිපි කිහිපයක්ම පුවත්පත්වල තිබුණි.
මාධවී මේ වන විට තවත් චිත‍්‍රපට දෙකකට සම්බන්ධව සිටියාය. තවත් චිත‍්‍රපට සඳහා ආරාධනා
ලැබුණත් ඒ පිළිබඳ උනන්දුවක් නොකල මම සුපුරුදු පරිදි නැවතත් වේදිකා නාට්‍යවලට සම්බන්ද වුනෙමි. දිනක් වසන්තගෙන් මාධවී ගැන විමසූවිට ‘‘ඒකිව අල්ලන්න බෑ දැන් … දැන් ඉතින් කොහෙන් නවතීද දන්නේ නෑ…’’ පවසා මා දෙස නෙත් කොනින් බලා සිනාසුනේය. මගේ මුහුණේ නැගුණු අඳුර වටහා ගත් සේ වසන්ත මගේ කරට අතක් දමා….
‘‘මේ අල්ලලා දාපන් මල්ලී…. උඹට හරියන්නේ නෑ …. ඕව…..‘‘ යි පැවසීය.

නමුත් ඈ එසේ අමතක කරන්නේ කෙසේ දැයි මට සිතුණි. ඈ විසින් මගේ සිතෙහි වැඩි කොටසක් නතු කරගෙන සිටි බව දැන උන්නේ මා පමණි. එය මාධවී පවා නොදැන සිටියා යැයි මට සිතුනේ ඇය ඉතා මනරම් සරුංගලයක් සේ ඈත අහසේ ඈතින් ඈතට පාවී යනු බලා සිටින විටය. ඈ එසේ පාවී යනු දැක සතුටු වූ බොහෝ පිරිස අතර දුක් වූ එකම තැනැත්තා මා පමණක් විය.

චිත‍්‍රපටය තිරගතවී සති කිහියකට පසුව මා හට ලිපියක් ලැබුනේ පියාගෙනි. එහි ඉක්මනින් පැමිණයන ලෙස දන්වා තිබුණේය. දිගු සති අන්තයක් එළෙඹෙමින් තිබූ නිසා තවත් දින දෙකක නිවාඩුවක් සඳහා ටෙලිග‍්‍රෑමයක් යොමුකරමින් මම නිවස බලා පිටත් උනෙමි. රාත‍්‍රියේ ගමන අරඹා අ`ඵයම බදුල්ලට ළ`ගාවෙන දුම්රියේ නිදන මැදිරියක් වෙන්කරගත් මා එහි ආසනයක් මත දිගාවී, දෙනෙත් පියාගත්තේ දහසක් සිතිවිලි එකිනෙක මා වෙත ඇදගනිමින්ය. ඒ බොහෝ සිතුවිලි තුළ සිටියේ මාධවී පමණකි. ඇය විටක මා වෙත සොඳුරු සිනහවකින් සැරසී පැමිණ මා සිපගත්තේ වියරුවෙනි. තවත් විටක ඈ ඈතින් ඈතට පාවී ගොස් මට අත වැනුවාය.
ඈත කඳු වළල්ල අතරින් අරුණ කිරණ නැගෙන යාමයෙහි මම දුම්රියෙන් බැස ගතිමි. මා නිවස වෙත
ළ`ගාවන විට වටින් ගොඩින් එළිය වැටී තිබූ නමුත් අම්මාගේත් තාත්තාගේත් මුහුණු තුළ තිබුනේ දැඩි අඳුරු ස්වරූපයකි. තවත් මොහොතකින් ඒ අඳුර හෙණ හ`ඩ න`ගමින් මා වෙත පතිත විය.

‘‘තොට ලජ්ජා නැද්ද යකෝ.. කොහෙවත් ඉන්න ලංසි ගෑනු එක්ක ම`ගුල් නටන්න… මේක අපි නම්බු පිටින් හිටපු ගම… උඹේ මේ විගඩම් නැටිලි හින්ද දැන් ගම දාල යන්නයි වෙලා තිබෙන්නේ… අපිට පාරේ බැහැල යන්නත් බැරිවෙයි….’’ තාත්තා සිංහයකු මෙන් සිය කෝපය මා වෙත මුදා හැරියේය. ඔහුගේ ගෝරනාඩුව ඇසී ඇතුල් ගෙයි සිට එබී බැලූ මගේ වැඩිමහල් සොයුරිය වූ තමරා,
‘‘අනේ අප්පචිචි කෑ ගහන්න එපා… වටේ පිටේ මනුස්සයන්ට ඇහුනොත් නරකයි …. ’’ කීවාය. කිසිත් නොකියූ නමුත් අම්මා ඔසරි පොටෙන් දෑස් පිස ගත්තාය.

 
– 3 –

කලාව කෙරෙහි වූ ලැදියාව නිසා පුද්ගලිකත්වය සහ මා වටා පවුරක් මෙන් සිටි පිරිස් මාහට අමතක වීදැයි මට සිතුණි. එහෙත් ඒ වන විට මම සෑහෙන දුරක් පැමිණ සිටියෙමි. මෙය ඔවුන් තුල මහත් කැළඹීමක් ඇති වන දෙයකැයි නිකමටවත් නොසිතීමද පුදුම සහගතය. චිත‍්‍රපටයක ර`ගපාන බව කීවේද තමරා අක්කාට පමණි. තාත්තාට සිය කෝපය මුදාහරින්නට ඉඩහැර මම නිහ`ඩව සිටියෙමි. ඇඳුම් මාරු කරගෙන මිදුලේ කොනක තිබූ ලෑලි බංකුව මත වාඩිවී මම ඈත කඳු වළල්ල දෙස බලා උනිමි.

‘‘කැළඹීම අඩුවෙලා … හුළං හැමීම සාමාන්‍යයි..’’ යි පවසමින් මා වෙත පැමිණි තමරා අක්කා රසකැවිලි කිහිපයක් අසලින් තබා දුම් දමන තේ කෝප්පය මා අතට දුණි.
‘‘විත‍්‍රපටිය හොඳයි.. අපි බැලූව…’’ අක්ක සිනා සෙමින් කීවාය.
‘‘කවුද අපි කීවේ… මුණවීර අයියයි ඔයයි ද…’’ මම ඇසුවෙමි. ‘‘මොකද මස්සිනා කීවේ…. ?’’
‘‘එයා කීවා තාත්ත නම් මල්ලිව ඉතුරු කරන එකක් නෑ… මේක දැක්කොත් කියල… හැබැයි දිගටම
රැුදුනොත් මල්ලි සෑහෙන දුර ගමනක් යයි කියල කීව…’’ ඈ සිනාසෙමින් පැවසුවාය.

අම්මා ප‍්‍රමුඛ නිවැසියන් කෙරෙහි වූ අසීමිත බැදීම හේතුවෙන් ඉන් වසර කිහිපයක් තුල මම කලාවෙන් දුරස්ථ වුනෙමි. සැබවින්ම එය හුදකලා වීමකැයි කිව හැකියි. මා එසේ සිටීම ගැන අක්කාත් මුණවීර අයියාත් මා වෙත දොස් නැගුවෝය.
‘‘උඹ ඉතින් පරණ මිනිස්සු දුන්න හණමිටිය බාර ගනින්…’’මුණවීර අයියා කීවේය.

නොබෝ කලකින් මා වෙත ගුරු පත්වීමක් ලැබුණි. නව පත්වීම මා සිටි ප‍්‍රදේශයේම මධ්‍ය මහා විද්‍යාලයකට ලබා ගැනීමට හැකි විය. ක`ඵලෑල්ලක් මත තිබූ පැරණි සටහන් මකා දමා නව පරිච්ඡේදයක්
ලියන්නාක් මෙන් අතීතය මකමින් වර්තමානය මම ලියන්නට වූයෙමි. එහි වූ දරුවන්ට නාට්‍ය හා රංගකලාවත් සිංහල විෂයත් මවිසින් උගන්වනු ලැබීය. බොහෝ විට පාසලේ කලා කටයුතු බොහොමයක් මගේ මැදිහත්වී- මෙන් සිදුවිය. එමෙන්ම වසර කිහිපයක්ම පිට පිටම මා නිර්මාණය කළ පාසල් නාට්‍ය කිහිපයක්ම ඉදිරියට
රැුගෙන එන්නට මට හැකි විය.

 

‘‘විජේ මෙහාට වෙලා නිකන් කාලෙ නාස්ති කරනවා….’’ දිනක් මා සම`ග එකම පාසලේ සේවය කරන සමුද්‍රා පැවසුවාය.
‘‘ඇයි ….’’

‘‘නෑ ඔච්චර දක්ෂකමක් තිබිල ඒකෙන් ප‍්‍රයෝජන නොගන්න නිසා, සමහර විට කොළඹ දිහා උන්නනම් හොඳ නමක් හදාගන්න තිබ්බ…’’
‘‘ඇයි මේ නමට මක්වෙලාද….’’ මම ඇසුවෙමි. එවිට අප අසල සිටි අනුර පැවසුවේ, ‘‘ඇයි සමුද්‍රා අහල නැද්ද මිරි`ගුව ෆිල්ම් එක… ඒකෙ ප‍්‍රධාන චරිතේ කළේ විජේ නේ…’’
‘‘හ්ම්…. අහල තියනවා… ඒ කාලේ බලන්න යන්න දුන්නේ නෑනේ…. ඒ නිළිය කවුද … මාධවී … එයා දැන් නෑ නේද?

බොහෝවිට මොවුන්ගේ මේ කතාබහ යළිත් මගේ සිත කොනිත්තන්නට විය. මේ කතා කෙළවර වූයේ කොතනින්දැයි මා නොදත්තේ ඊට සම්බන්ද නොවී පිටව ගිය බැවිණි. එවන් දිනක මා නිවසට පැමිණියේ කෝපයෙන් දැයි මට සිතේ. සියල්ල පයින් ගසා වහා ආපසු දිවයන්නට සිතුනත් දැන් ඊට බොහෝ සෙයින් ප‍්‍රමාද වී තිබිණ.

 

– 4 –

දෙමව්පියන් විසින් ගෙනා යෝජිත විවාහයකින් නිමල්කා සම`ග මම අතිනත ගෙන සිටියෙමි. නිමල්කා දැන් සිව්මස් ගැබිනියකව සිටියාය. අප දෙදෙනා විසින් නිර්මාණය කරගත් කුටුම්භය රැුකගත යුතුය යන හැ`ගීමෙන් සෙසු බොහෝ දේ ඉවතට විසිවී තිබුණි.

එක්තරා දිනෙක මා වෙත සතුට දැන්වූ පුවතක් සැලවිය. ඒ පියුමිකා නම් අපගේ කුඩා දියණියගේ උපතයි. එය ඇසීම මා තුළ මහත් වූ අමන්දානන්දය ඇතිකළ කරුණක් විය. එකළ නිවසේ වැඩි කාලයක් ගෙවමින් ඈ දෝතේ තබාගෙන සිටීම මා ඉතාමත් ප‍්‍රිය කළ කාර්යක් විය. ඇය සිනාසෙන අයුරු දැක අප දෙදෙනාද සිනාසුනි. ඇය හ`ඩන විට අපි දෙදෙනාද හ`ඩන්නට වීමු. මමත් නිමල්කාත් අතර ඇති වූ හැලහැප්පීම්, අ`ඩදබර බොහොමයක් අවසන් වූයේ පියුමිගේ වත ම`ඩලෙනි. අප දෙදෙනා දබරවනු දැක පියුමිකා සිනාසුනාය.
දිනක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය යෙදෙන අවදියේ මා වෙත දිව ආ පියුමි.

‘‘තාත්තා.. ඔයා දන්නවද අද අපේ මීඩියා පාඩමේ සිනමා ඉතිහාසය ගැන කියද්දී කීවා ‘‘මිරි`ගුව’’ කියන
ෆිල්ම් එක ගැන’’
‘‘ඉතින් මොනවද ලෙක්චර් කීවේ…’’

‘‘එයා කීව ඒක 70 දශකයේ සමාජවාදී චින්තනයකින් නව නිර්මාණය කරපු චිත‍්‍රපට රැුල්ලේ හොඳම චිත‍්‍රපටියක් කියල… වසන්ත අන්කල්ගේ චිත‍්‍රපටිවලින් හොඳම චිත‍්‍රපටියක් කියලත් කීව..’’

‘‘ඒ විතරක් නෙවෙයි ඒ කාලේ හැටියට ඒක ආන්දෝලනාත්මක චිත‍්‍රපටියක් උනා..’’ මම කියවමින් සිටි පුවත්පත පසෙකින් තබමින් කීවෙමි.
‘‘හ්ම්ම් … දවසක් තමරා නැන්දත් කීවා, සීයා තාත්තට කෑගැහැවයි කියල….’’

‘‘හ්ම්… එහෙම නූනා නම් මේ ගොඩක් දේවල් සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බ… ’’ මා එසේ පැවසුවේ මගේම සිතටය. අප දෙදෙනාට ඔබ්බෙන් පුටුවකට බරදී නිමල්කා කුමක් හෝ ගෙතුමක් කරමින් සිටියා මිස අපගේ කතාවට සම්බන්ද නොවූවාය.

55 වැනි විය එළඹීමත් සම`ගම මම ගුරු සේවයට සමුදුන්නෙමි. එකල පියුමිකා උසස් අධ්‍යාපනය අවසන් කරමින් සිටියාය. ඒ වන විටත් ඇය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ බොහොමයක් වැඩ කටයුතුවලට සම්බන්ධවී සිටියාය.

‘‘දුව… ඔයා කැමතිද තව ටිකක් වැඩිදුරට ඉගෙනගන්න… නැන්දලා ඔයාලගෙ කෙටි චිත‍්‍රපටියක් බැලූවාලූ ලන්ඩන්වලදී, මුණවීර මාම අහන්න කීවලූ දුව එහෙ කැම්පස් එකක නාට්‍ය හා රංගනය ඉගෙනගන්න කැමතිද කියල..’’ දිනක් රාත‍්‍රී කෑම මේසයේ දී මම පියුමිකාගෙන් විමසුවෙමි. එවිට ඇය පුදුමයෙන් අප දෙදෙනා දෙස බලා,

‘‘මම …. ඉතින් කොච්චර හොඳද…’’ කුඩා දැරියක මෙන් කෑගැසීය. සැනින් නැවතත් ඇගේ මුහුණේ ඉරියව් වෙනස් විය.
‘‘එතකොට ඔයාල?…. ’’ පියුමි අප දෙදෙනා දෙස බලමින් ඇසුවාය.

නිහ`ඩව ආහාර ගනිමින් උන් නිමල්කා, ‘‘මගේ නම් අකමැත්තක් නෑ… තාත්තටත් යන්න ඕන තැනට යන්න බැරිඋනා.. ඉතින් සීයා කළා වගේ අපිත් කරන එක සාධාරණ නෑනේ, මම හිතන්නේ තාත්තට යන්න බැරිවුණ
තැනට ඔයා යන එක හොඳයි කියල… ඒත් පරිස්සමින්… මේ තාත්තලගේ කාලේ නෙවේ…’’ යි පැවසුවාය.
– 5 –

මද සිරිපොදක් පතිතවෙමින් තිබුණි. මම වසා සිටි දෙනෙත් යළිත් විවර කළෙමි. මවිසින් දිගහැර තිබූ අතීතය මදකට වසා තැබුවෙමි.
‘‘අර මාධවී ගැන නිවුස්වලටත් කීවා…’’ නිමල්කා මා අදල වූ පුටුවකට බර වෙමින් කීවාය. ‘‘හ්ම්… අපරොදේ ජීවිතේ නාස්ති කරගත්තා…’’
‘‘දැන් පත්තරකාරයෝ ඔයාවත් හොයනවා ඇති…. ඔයත් යනවද මළගෙදර’’ නිමල්කා සරදම් සිනාවකින් ඇසුවාය.
‘‘ඔව් යනවා…’’ මා අත තිබූ පුවත් පත පුටුව මතට විසි කරමින් නිවස තුළට ගියෙමි.

මමත්, වසන්තත් මළගෙදර යාමට තීරණය කළෙමු. මදින් මද වැසි වුටුණු ඉරු දිනක උදෑසන අප එහි යාමට පිටත් වුනෙමු.

‘‘අපරාදේ… ඉන්ඩස්ටි‍්‍රයේ සෑහෙන කාලයක් ඉන්න හිටපු කෙනෙක්නෙ… අකාලේ හැමදේම විනාශ කරගත්ත…’’

ඇය මා වෙනුවෙන් බලා උන් බව මා දැනගත්තේ වසන්තගෙන් බොහෝ කලකට පසුවය. එහෙත් අප නොගැලපෙන දෙනෙකු බවත්, මා අමතක කර දමන ලෙසත් වසන්ත ඇයට පැවසූ බවද දැනගන්නට ලැබුණි. ඇය සතුව සහජයෙන් තිබූ හැකියාව වර්ධනය කරගන්නා ලෙස ඔහු අයට අවවාද කළ බවත්, ඉන් පසුව නිර්මාණය කළ ඔහුගේ විචාරක අවදානයට ලක් වූ චිත‍්‍රපටයක් සඳහා ප‍්‍රථම ඇරයුම සිදුකර තිබුනේද මාධවී ට බවත් ඔහු පසු කලෙක පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුනේය.
‘‘කුරුණෑගල පැත්තේ පොල්වත්තක තිබුණු ලොකු ගෙදරක තමයි ඉඳල තියෙන්නේ, වැඩට,
තනිනොතනියට ඉඳලතියෙන්නෙත් ගො`ඵ කෙල්ලක් ලූ. කසාද බැඳපු මනුස්සයා මත්ද්‍රව්‍ය චෝදනාවකට ඩුබායි වලදීහිරේට වැටුනලූ. හැබැයි දන්නා කියන කෙනෙක් කීවෙ ඒ මනුස්සය එක්ක තිබ්බ ආරවුලක් නිසා ඒවා ඒ බෑග් එකට දාන්න ඇත්තේ මාධවී කියලත් සැකයත් ඒ මනුස්සයාගේ පැත්තේ අයට තියනවා කියල… කොහොමත් එච්චර හොඳ ජීවිතයක් ගෙවල නෑ… පස්සේ බැරිම තැන අම්මත් ඇවිත් ගෙදර නතර වෙලා ඉඳල තියනවා…’’

 

වසන්ත ඈ පිළිබඳ තවත් බොහෝ විස්තර කීවේය. රථයේ ඉදිරිපස හිඳ කවු`ඵවෙන් එපිට ඇති අපැහැදිලි ඡුායාවන් දෙස බලමින් එය අසා සිටියෙමි.
ඇගේ දෙමව්පියන්ගේ නිවසේ දේහය තබා තිබුණි. එහි ගිය මම වසර තිහකට පසුව නැවතත් ඇගේ මුහුණ දෙස එබී බැලූවෙමි. දැඩි චිත්ත පීඩාවෙන් සහ මැලවී ගිය මුහුණක් ඇති ගැහැනියක හැර මාධවී එහි නොවූවාය. නමුත් දේහය අසල තිබූ ඡුායාරූපයේ එදා මා දුටු මාධවී මා දෙස බලා සිටියාය. තවත් ඈ අසල නොරැුදුණු මම ඇයට සමුදී පිටතට පැමිණියෙමි. ක්‍ෂේත‍්‍රයේ අප දන්නා හඳුනන කිසිවෙකුත් එහි පැමිණ සිටියේ ද නැත.
ඉන් වසර කිහිපයකට පසුව මම ඇයගේ දිවියේ මම දැන සිටි සහ අසා දැනගත් විවිධ දේ ඇසුරින් චිත‍්‍රපටයක් සඳහා තිර පිටපතක් නිර්මාණය කළෙමි. එය වසන්තගේ අතින් සිනමාවට නැගිණ. ඔහුගේ දැඩි ඉල්ලීම මත මෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළේ පියුමිකා විසිණි. ඒ සඳහා ඇයට වසරේ නැගීඑන නිළිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය පවා හිමි විය. එහි තිරරචනය උදෙසා මටද සම්මානයක් ලැබිණී. කලා ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් ලද බොහෝ දේ අතර මෙය සුවිශේෂී තිළිණයක ලෙස සඳහන් කරමින් මම එය දෝතට
ගතිමි.
ග`ගක් මෙන් ගලා ආ ජීවිතය තුළ හිමි වූ හිමි නොවූ බොහෝ දේ තිබිණ. අතීතය නම් තිරය මත දිගහරින ලද සිතුවම් පටයක් සේ දිස්විය. එකක් පසුපස එකක් ලෙස සිතට නැගුනු රූ මනසින් දකිමින් නිවසේ වැරැුන්ඩාවේ හිඳගතිමි. මම ඈත අහස දෙස බලා උනිමි. දීප්තිමත්ව බැබ`ඵණු තාරුකා බොහොමයක් එහි විය. ඒ අතරින් ඇතැම් තරු හිටිවනම බිමට පතිතවණු පෙණුනි.

– 6 –

එම්. උදිත නිලංග ලක්මාල් ගමගේ

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)