මං මරන්න නෙමෙයි හිටියේ ස්වාමිනි! – වර්ණ රසිකා ගුණවර්ධන

No Comment 477 Views

සංසාරේ කරුමෙකට

අපි වෙන්වෙලා හිටියට 
මරා ගත්තේ නෑ කවදාවත්
දේපල බෙදා ගන්නට.

කාරෙක මට ගන්න කීවා
ගේ ලිව්වා ඇගේ නමට
ජොයින්ට් එකවුන්ට් එකේ සල්ලි
බෙදාගත්තා සමානව.

පඳුරක් පඳුරක් ගානෙ
දෙස් තිය තියා ඇවිද්දෙ නෑ
තිබුණු හොඳමයි කිව්වෙ අපි
සුළු දෝෂ තිබුනට.

ඈත් තරුණයි මාත් එහෙමයි
හිත් උනත් වෙලාවකට දුබලයි
ප්‍රේමයේ මායාවේ පැටලෙන්න
ගතවෙන්නෙ ඇස් පිය ගහන මොහොතයි.

අවුරුදු දහතුනක්
මම පෙම් කල ගෑණි
ඌ මටමයි පෙන්නුවෙ
වීඩියෝ කල කෑලි .

අපි නොගැලපුනා වුණාට
ඈ වේ-යක් නෙමෙයි
ඉවසන්න පුලුවන්ද ස්වාමීනී
ක්ෂණික කෝපයට නෑ නීති.

මරන්න නෙමෙයි හිටියෙ මං
ඒත් දුක නෑ හිතට දැන්
දවසක් හරි පෙම් කල
ගුණය තියන්නයි මට ඕනි.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)